Political

අගමැති මැතිවරණ නීති කඩයි – ජනාධිපති සියළු පක්ෂ නායකයින් කැඳවයි – පළාත් පාලන මැතිවරණයත් කල් යන ලකුණු! (BREAKING NEWS)

අග්‍රාමාත්‍යවරයා විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට කල් දැමීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම පවසා තිබේ.

කළ විමසීමේදී එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මේ බව දැනුම් දුන්නේ ය.

අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති ජන හමුවකදී පැවසූවේ තමන් පෙබරවාරි 08 වන දා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කතානායකවරයාට දැනුම් දුන් බවයි.

තවදුරටත් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යරයා එහිදී සඳහන් කළේ, ඊට අදාළ ලිපිය හෙට දිනයේ යොමු කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා යම්කිසි හෙයකින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කාල සීමාවේ පාර්ලිමේන්තුව කැඳවුවහොත් පළාත් පාලන මැතිවරණය කල් දමා පෙබරවාරි 12 වන දා හෝ ඊට පසු දිනක පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙන බව කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසා තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් හෙට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි!

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් හෙට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කල බවත් ඒ පිළිබඳව සියලු පක්ෂ නායකයින්ට දැනුවත් කල බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා දන්වා සිටියා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ හෙට දිනයේ බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිසමේ වාර්තාව හා බරපතල වංචා දුෂණ පිළිබඳව කොමිෂන් වාර්තා පිළිබඳව සාකච්චා කිරීමට සුදානම් බවයි…

මේ සම්බන්දයෙන් මාධ්‍ය වාර්තා කලේ පහත අයුරින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top