Political

අනාරක්ෂිත ඓතිහාසික ස්ථාන රැකගන්න ජනපතිගෙන් සැලැස්මක්

තර්ජනයට ලක්ව ඇති සහ අනාරක්ෂිත පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ඓතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී ඇත.

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම පිළිබඳව ඊයේ (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කොට ඇත.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිවරුන්ද බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එම සාකච්ඡාවට සහභාගි වී තිබේ.

බුද්ධශාසන, සංස්කෘතික, නීතිය හා සාමය, ආරක්ෂක, ස්වදේශ කටයුතු ඇතුළු අමාත්‍යාංශවල මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, මහ ජනතාව අයත් කමිටුවක් මඟින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට නියමිතය.

දෙනගම ධම්මික රණවීර
mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top