Local

අභිමානවත් ලෙස 70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල (Photos)

”එකම දැයක්” තේමාව යටතේ 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලූ මුවදොර දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

බ්‍රිතාන්‍යය රජ පවුල නියෝජනය කරමින් වෙසෙක්ස් හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය මෙම අභිමානවත් උළෙලට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වූ අතර විදෙස් රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නියෝජිතයෝ රැසක් ද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රවිනිශ්චකාරතුමා, මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරු ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් සැමරුම් උළෙලට එක්ව සිටියහ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top