Entertainment

අභිෂේකා – නිස්සාර ගැන මුල්වරට කතා කරයි (Photos)

අභිෂේකා විමලවීරගේ අලුත්ම ගීතය “නිස්සාර” දෙසැම්බර් 20 දා අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ අලුත් ගීතය ගැන දැනගන්න අපි අභිෂේකාට කතා කලා.

අභිෂේකා “නිස්සාර” ගැන කතා කලොත්,
නිස්සාර කියන්නේ අවුරුදු 2 කට පස්සේ මම කරන මගේ අලුත්ම නිර්මාණය. ආදරය තේමා කරගත් ගීතයක්. මේ ගීතය තුලින් විරහව ගැන කතා කරනවා, හැබැයි මේ විරහව ආදරවන්තයින් විදින්නේ අඩාගෙනවත් ජීවිතේ නැතිකරගෙනවත් නෙමෙයි, ආදරය තුල තියෙන “නිස්සාර”බව වටහා ගෙන.

කවුරු උනත් දැන් කොහොම ජීවත් උනත් බොහෝ දෙනාගේ හිතතුල අහිමි වුන ආදර කතාවක් තියෙනවා. අන්න ඒ ආදර කතාව ගැන කතා කරන්න තමයි අපි මේ ගීතයෙන් උත්සහ කලේ.මේ ගීතය පදමාලාව රචනා කලේ මම. මගේ තාත්තී මම රචනා කල ගීත සහ ගායනා කල ගීත අතරින් වඩාත්ම කැමති ගීතය. ඒ වගේම Music දිලුම් තේජන හෙට්ටිඅරච්චි, Music Video එක කලේ චමිල් පතිරණ.

Classic Style එකට කරපු නිර්මාණයක්. හදවතට වගේම මොළයටත් ආදරය ගැන කතා කරන්න උත්සහ කරපු නිර්මාණයක් කිව්වොත් හරි.

ඇත්තටම ආදරය කියන්නේ,
“පපුව හීරෙන එක, ඒ මැද්දෙන් හිනා වෙන එක”
අහිමිවීම තුලත් හිනා වෙලා ජීවත් වෙන්න පුලුවන්නම්, සැබෑ ආදරය තියෙන්නේ එතන………..

ඉතින් දෙසැම්බර් 20 වෙනිදා, මේ ගීතය ඔබට අහන්න දකින්න ලැබෙනවා. හොද නරක කියන්න. …….

“නිස්සාර “

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top