Political

අම්පාර ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන් (Photos)

අම්පාර අට්ටාලච්චේන ප්‍රදේශයේ පැවති ජනහමුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ පැවැත්විණි.

ජාති, ආගම් බේදයකින් තොරව අතිවිශාල ජනතාවක් මෙම ජනහමුවට එක්ව සිටී අතර එම සියලූ ජනතාවගෙන් ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි.

ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2015 ජනවාරි 08 වනදා ජාති, ආගම් බේදයකින් තොරව මේ රටේ සියලූ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ඉටුකිරීමට කැපවන බවයි.

මේ රට සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීමට රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කළයුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී සියලූ ආගම් සහ සියලූ ජනතාව අතර සංහිදියාව ඉතා වැදගත් බවද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අම්පාර දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.

හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා, පළාත් සභා මන්ත්‍රි උදුමා ලෙබ්බේ, අහමඩ් සකී, කේ.එල්. කුඛෙයිදුල්ලා යන මහත්වරුන් ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රීයානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top