Political

අර්තාපල් ගොවීන්ගේ සහනාධාරය ජනාධිපති මෛත්‍රී 100% දක්වා වැඩි කරයි..! (Video/Photos)

අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සදහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි. තේ ප‍්‍රතිඅපනයනය හේතුවෙන් මෙරට තේ පිළිබද ජාත්‍යන්තරයේ පවත්නා කීර්තිනාමයට සිදුව ඇති හානිය සහ කර්මාන්තයේ සිදුව ඇති බිදවැටීම හේතුවෙන් තේ ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

එමෙන්ම ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය හේතුවෙන් ගම්මිරිස් මිල පහත වැටි තිබෙන අතර දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය ද ඉදිරියේදී නැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ බදුල්ල නගරයේ පැවති ජනහමුවක් අමතමිනි.

රටේ ආර්ථික කළමණාකරණයේ වගකීම තමා මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට පවරා තිබුණ ද රටේ ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන පීඩාකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එම කටයුතු තමා විසින් පත්කර තිබෙන ජාතික ආර්ථික සභාව හරහා සිදුකරන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

විවිධ මුහුණවරින් එන දේශපාලන සංවිධාන කුමක් පැවසුවත් වංචාවෙන්, දුෂණයෙන් සහ අක‍්‍රමිකතාවයෙන් තොරව රට ගොඩනැගීමේ න්‍යාය පත‍්‍රය තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සතුව පමණක් බව පැවසූ ජනාධිපතිතුමා රටට අවශ්‍ය පරිවර්තනීය ගමන සදහා සියලූදෙනා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැදගත යුතු බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අද පැහැදිළි ජනමතයක් ඔස්සේ ගොඩනැගෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අද ජනතා පිළිගැනීම ඇති පක්ෂය බවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පත්ව තිබෙන බව ද සදහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ බදුල්ල දිස්ති‍්‍රක් විජයග‍්‍රාහී ජන රැළිය මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ජනාධිපතිතුමාට එම ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top