Sports

ස්ටාර්ක් එංගලන්තයට කඩුලු ත්‍රිත්වයන් දෙකක්! ඕස්ට්‍රේලියා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ලෝක වාර්තාවක් පිහිටුවයි (Video)

ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ එංගලන්තය අතර අළුබඳුන තරඟාවලිය සඳහා තවත් දින කිහිපයක් ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් වාර්තාගත පන්දු යැවීමක් සිදුකර ඇත්තේ එංගලන්ත පිතිකරුවන්ට අළුබඳුන තරඟාවලිය සඳහා පුර්ව අනතුරු ඇඟවීම් නිකුක් කිරීමක් ලෙසිනි.

ඕස්ට්‍රේලියා ප්‍රමුඛතම දේශීය තරඟාවලිය වන Sheffield Shield තරඟාවලියේ නිව්සවුත්වේල්ස් කණ්ඩායම සහ බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවති තරඟයේදී සවුත්වේල්ස් කණ්ඩායම නියෝජනය කරන ස්ටක් පන්දු යැවීමේදී තරඟය තුල කඩුලු ත්‍රිත්වයන් දෙකක් වාර්තා කිරීම ඕස්ට්‍රේලියා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක් බවට පත්වුයේ මෙම තරඟාවලි ඉතිහාසයේ එවැනි දක්ෂතාවක් කල පළමු ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

වසර 40කට පසුව එවැනි දක්ෂතාවක් දැක්වූ පන්දු යවන්නා ලෙසත් ස්ටාක් වාර්තා අතරට එක්ව සිටියි.

වෙස්ටර්න් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වයත්, දෙවැනි ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වයත් ස්ටාක් දවාගත්තේය. තරගයෙන් ලකුණු 171ක ජයක් නිව් සවුත් වෙලස් කණ්ඩායම ලබාගත් අතර ස්ටාක් ලකුණු 97ට කඩුලු හතක් දවාගත්තේය.

පළමු ඉනිමේ පිට පිට පන්දු තුනකින් Jason Behrendorff, David Moody සහ Simon Mackin දවා ගන්නා ස්ටක් දෙවන ඉනිමේ ද Jason Behrendorff, David Moody සහ Jono Wells දවා ගන්නේ තරඟයේ ජයග්‍රහණයද තම කණ්ඩායමට හිමිකර දෙමිනි.

මීට පෙර මෙවැනි දක්ෂකමක් පළමුපෙළ තරඟවල පෙන්වා තිබෙන්නේ ක්‍රීඩකයන් හත් දෙනෙකු පමණි.

Alfred Shaw – Nottinghamshire v Gloucestershire, at Nottingham in 1884
Albert Trott – Middlesex v Somerset, at Lord’s in 1907
Jimmy Matthews – Australia v South Africa, at Old Trafford in 1912
Charlie Parker – Gloucestershire v Middlesex, at Bristol in 1924
Roland Jenkins – Worcestershire v Surrey, at Worcester in 1949
Joginder Rao – Services v North Punjab, at Amritsar in 1963
Amin Lakhani – Combined XI v Indians, at Multan in 1979
Mitchell Starc – NSW v Western Australia, at Hurstville in 2017

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top