Political

වෙබ් අඩවි වලින් අසනීපයි කියූ ජනපති නව මැලේසියානු තානාපති මුසම්මිල් මහතාගේ උත්සයට (Photos)

කොළඹ හිටපු නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත් කොට තිබෙනවා.මෙලස නව මැලේසියානු තානාපති ලෙස පත් වී යන මුසම්මිල් මහතා අද සවස කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී තිබෙනවා.

එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කල අතර පැමිණි සිටි පිරිස සමග ජනාධිපතිතුමා සුහදශීලි සකාච්ජාවකද නිරත වුනා.

මේ අතර අද දිනයේ බොහෝ වෙබ් අඩවි වල පළවූ ජනාධිපතිවරයා සිටින්නේ අසනීප තත්වයකින් යන පුවත අසත්‍යක් බව මෙයින් පෙනී යන අතර මෙම උත්සවයේ ඡායාරූප ඔබට පහතින් දැක ගැනීමට හැකි වනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top