Sports

අසාර් අලී වාර්තා පිට වාර්තා තියයි – සංගා අලීගේ වාර්තාව ගැන කියපු දේ (Video)

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදි පාකිස්ථාන කණ්ඩායමේ අසාර් අලී වාර්තා රැසක් තැබීමට සමත්වෙලා තියෙනවා.

අසාර්ගේ පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසීමෙන් අනතුරුව ද්විත්ව ශතයක් වාර්තා කරමින් වාර්තා අතරට එක්වුණා.

නොදැවී ලකුණු 205ක් රැස්කරපු අසාර් අලීගේ මේ ලකුණු අතරට වාර්තා තුනක් ඇතුළත් වනවා.

වර්ෂයක් තුළදි ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු පාකිස්තාන පිතිකරු, ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු පාකිස්තාන පිතිකරු හා මෙල්බර්න් පිටියේදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු විදෙස් ආරම්භක පිතිකරු ලෙස මෙහිදී අසාර් අලී ඉතිහාසයට එක්වනවා.

අසාර් අලී මෙහෙම වාර්තා අතරට එක්වෙන කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වගේම අග්‍රඝනයේ පිතිකරුවකු වන කුමාර් සංගක්කාර අමතක කළේ අසාර්ට සුබ පතලා තියෙනවා Twitter හරහා.

අසාර් අලීගේ සුපිරි ද්විත්ව ශතකය සහ සංගාගේ පණිවුඩය පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top