World

ඇපල් අලෙවිය අඩුවීමෙන් ටිම් කුක්ගේ පඩිය අඩුවෙලා

2016 වසරේදී ඇපල් සමාගමේ ආදායම් පුරෝකථනය කළ ප්‍රමාණයට නොලැබීම නිසා එහි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ආදායම ඇ.ඩො.මිලියන 1.53ක් ඔහුට එම වසරේදී අහිමිව ගෙස් ඇති බව පැවසෙයි.

2016 වසරේදී ඇ.ඩො.බිලියන 215.6 ක අලෙවියක් වාර්තා කර තිබුණද, එය ඔවුන් බලාපොරොත්තු වූ අලෙවියට වඩා පහළ අගයක් බව කියැවෙයි.

ඒ අනුව, 2015 වසරේදී ටිම් කුක් ලබාගත් වේතනයට වඩා ඇ.ඩො.මිලියන 1.53ක් අඩුවෙන් මෙවර ඔහුට වේතන හිමිවී ඇති බවද කියැවෙයි. එහිදී, ඔහුට ලැබී ඇති දිරිදීමනා ඇ.ඩො.මිලියන 10.3 සිට 8.75 දක්වා අඩුවී තිබේ.

මේ ආකාරයෙන් ඇපල් සමාගමේ අලෙවිය අඩුවීම ටිම් කුක්ගේ මෙන්ම, එරට තවත් ප්‍රධානීන් කිහිප දෙනෙකුගේම දිරිදීමනා අඩුවීම කෙරෙහි බලපා ඇති අතර, මෙවර සමාගමේ ආදායම වසර 15කට පසුව අඩුවී ඇති බවද කියැවෙයි.

නරේන් විශ්වජිත් – www.ada.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top