World

ඇමරිකාව හා දකුණු කොරියාව යුද අභ්‍යාසයක (Photos)

ඇමෙරිකාවට අයත් බී – 1බී වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කළ බව දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

උතුරු කොරියාවට අනතුරු ඇඟවීම සඳහා ඇමරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසයක එක් අංගයක් ලෙස මෙම යානා පියාසර කරවූ බව පැවසේ.

උතුරු කොරියානු දේශ සීමාවට කිලෝමීටර් 150ක් පමණ මෙපිටින් ඊසාන දිග ගැන්ග්වොන් පළාතේ මෙම යුද අභ්‍යාස පවත්වා ඇති අතර ගුවන් යානා 200කට වැඩි ප්‍රමාණයක් හා දහස් ගණනක යුද භටයන් මේ සඳහා සහභාගී වි ඇත. සඳුදා (4) ආරම්භ කෙරුණු යුධ අභ්‍යාස සිකුරාදා (8) දක්වා පැවැත්වීමට නියමිතය.

උතුරු කොරියාව මෙම යුද අභ්‍යාස හෙළා දැක ඇති අතර එය යුද්ධයක් සඳහා පෙරහුරුවක් බව පවසා ඇත. ට්‍රම්ප් ජනාධිපතිවරයා උමතු වී ඇති බවත් මෙය න්‍යෂ්ටික යුද්ධයකට මග පාදන ක්‍රියාවක් වනු ඇති බවත් ඔවුන් තවදුරටත් පවසා ඇත.

යුද්ධයක් ආරම්භ වුවහොත් උතුරු කොරියාව සම්පූර්ණයෙන් විනාශ වියහැකි බවට ඇමරිකාව පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ ය.

(රොයිටර් පුවත් ඇසුරිණි – 085 | www.lankadeepa.lk)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top