Local

ඇමැති විජයමුණිගේ කෑම පිගානේ පණුවෙක් (Video)

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් ආහාර ගැනීමට ගිය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාට පිළිගැන්වූ කෑම පිඟානේ තිබියදී පණුවෙකු හමුවීමේ සිද්ධියක් වාර්තා වේ.

ඊයේ(28) රාත්‍රී ආහාර ගැනීමට ගිය අවස්ථාවේදී මෙම අත්දැකීමට මුහුණ දී ඇත.

නැවත මෙවැනි සිදුවීම් සිදුනොවන ලෙසට වග බලා ගන්නා ලෙස එම අවස්ථාවේ අවන්හලේ සේවකයින්ට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙරට සංචාරයක නිරත විදෙස් ජාතිකයෙකු මෙම අත්දැකීමට මුහුණ දුන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයටද විශාල හානියක් බව මාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම වීඩියෝව පහතින්,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top