Business

ඇමෙරිකා – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමක්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ඇති ඉඩප්‍රස්තා සොයාබැලීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේශප් මහතා පසුගිය ජුනි 20 සහ 21 යන දිනවල හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ.

එම සංචාරයේදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහායෙන් පිහිටුවනලද හම්බන්තොට වාණිජ මණ්ඩලයේ ප්‍රධානීන් සමග තානාපතිවරයා විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූ බව එම තානාපති කාර්යාලය පවසයි. එමෙන්ම, මෙම සංචාරය අතරතුර තානාපතිවරයා හම්බන්තොට වරාය, මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සමුළු ශාලාව සහ මත්තල ගුවන් තොටුපොළ වෙතද සංචාරය කළ බව එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

3(1)

2(1)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top