Sports

ඉන්දියානුවන් දෙස බලා අපේ අය ඉගන ගත යුතුයි – ඉන්දියාවේදී අන්ත පරාජයක් ලැබූ ලක් පිල ලංකාවට එන හැටි ගැන නික් පෝතස් කියයි

එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඉන්දියානු කණ්ඩායම මනා ලෙස සූදානම් වී ඇති බව ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතාස් පවසයි.

ඊයේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

“ඔවුන් ඔවුන්ගේ සියලු අංශ ඉතා හොඳින් ආවරණය කර ගෙන තිබෙනවා. කොළ පැහැති තණතිල්ලක් ලබාදුනහොත් අනෙක් පිලේ පිතිකරුවන් මෙල්ල කළ හැකි සුපිරි පන්දු යවන්නන් පිරිසක් ඔවුන්ට ඉන්නවා,ඒ වගේමයි සුපිරි පිතිකරුවන් පෙලක් සිටිනවා.ඉන්දියානු පිතිකරුවන් දකුණු අප්‍රිකවේදී ලකුණු ලබාගැනිමට පටන් ගතහොත් එය දකුණු අප්‍රිකාවට පහසු වන්නේ නෑ

ඉන්දියානු කන්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය එළැඹෙන ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිත අතර ටෙස්ට් තරඟ තුනක්,එක්දින තරඟ හයක්,විස්සයි 20 තරඟ තුනක් එයට ඇතුළත්ය.

මෙම තරඟවාලියේ මෙන්ම පසුගිය වසර දෙක්දී දැඩි ලෙස පසුබෑමට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමද ඉදිරියේදී සුපුරු දක්ෂතා අතර පැමිණෙනු ඇති බවට පොත්ස් මෙහිදී විශ්වාසය පළ කළේය.එමෙන්ම ඉන්දියානු සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට ඉගනගත හැකි දේ බෝහෝ පවතින බවද ඔහු කිවේය.

ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම හරිම අපහසු දෙයක්.නමුත් මේ සංචාරය අපේ ක්‍රීඩකයන්ගේ දියුණුවට ඉතා වැදගත් වනවා.සෑම ක්‍රීඩකයෙකුම මෙහෙන් යන්නේ සිටියාට වඩා හොඳ ක්‍රීඩකයෙකු වී කියා මා සිතනවා.තමන් ක්‍රීඩවාට මානසික වශයෙනුත් ශාරිරක වශයෙනුත් සූදානම් වන්නේ කෙසේද කියලා ඔවුන් මේ තරඟාවලියේදී ඉගනගන්න ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top