World

ඉන්දියාවේ වායු දූෂණ තත්වය ඉහළ ගොස් වාහන පෙළක් එකට ගැටේ (Video)

මේ වන විට ඉන්දියාවේ වායු දූෂණ තත්වය ඉහළ මට්ටමක පවතිනවා.

මේ හේතුවෙන් අග්‍රා නගරයේ මීදුම් තත්වයක් ඇති වී, අධිවේගී මාර්ගයක රිය අනතුරු පෙළක් එකවර සිදු වුනා. එම අවස්ථාව දුරකතනයක පටිගත වී තිබෙනවා.

එමෙන්ම නවදිල්ලි නගරයේ ද සියලු පාසල් සතියක් පුරාවට වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

දැඩි විමෝචන පාලන ක්‍රම සහ සෞඛ්‍යාරක්ෂණ පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

විෂ සහිත වායු හේතුවෙන් ජනතාව රෝගී වීමේ අවදානම උපරිම මට්ටමට පත්ව ඇති බවයි ඉන්දියාවේ මධ්‍යම පරිසර දූෂණ පාලන මණ්ඩලය පවසා ඇත්තේ.

ඉන්දියාවේ නවදිල්ලි නගරයට අමතරව ෆරීඩාබාද්, ගසියාබාද් හා නොයිඩා ඇතුළු නගර වලද වායු දූෂණ මට්ටම ඉහල අගයක් ගනිමින් තිබෙන බව ද එම මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

අග්‍රා නගරයේ අධිවේගී මාර්ගයේ සිදු වු රිය අනතුර පහතින් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top