Local

ඉන්ධන අර්බුදය මැද්දේ පෙට්‍රල් බවුසරයක් පෙරළෙයි

මුතුරාජවෙල සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් සංකිර්ණයට පෙට‍්‍රල් ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැනිමෙන් අද (10) අනතුරට පත්ව තිබේ.

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ඉදිරියට අධික වේගයෙන් ධාවනය වු ලංගම බස් රථ දෙකකට ඉඩ ලබාදිම යෑමෙදි මෙම අනතුර සිදුවී ඇත.

පෙට්‍රල් ලිටර් 33000ක් ප්‍රවාහනය කරමින් තිබූ එම බවුසරය පෙරළී යෑම නිසා හැටන් – කොළඹ මාර්ගයේ අනතුර සිදුවු ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මංතිරුවකට පමණක් සිමා කර ඇත.

මාර්ගයෙන් ඉවතට පැන ඇති බවුසරය මාර්ගයෙන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු ගෙන තිබේ.

මෙම අනතුරෙන් කිසිවකුට අනතුරක් සිදු වී නැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top