Local

“ඉලෙක්ට්‍රික් කාර් වලට ගහපු බදු අයින් කරන්න” වාහන මිල වෙනසක් වෙනුවෙන් විදුලි වාහන සමාජය අදහස් දක්වයි .!

2018 වර්ෂය සදහා වන අයවැය පසුගිය දින මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරනු ලැබූවා. මෙහිදී බොහො දෙනෙක් බලා සිටි කරුණක් වූයේ නව අයවැය මගින් වාහන මිල ගණන් වෙනස් වන්නේ කෙලෙසද යන්න යි.

එහිදි 2018 වර්ෂයට නියමිත යෝජීත අයවැය ප්‍රකාශනය මගින් රථ වාහන මිල එංජින් ධාරීතාව අනුව සංශෝධනය කළ අතර විදුලි මෝටර් රථ වලද මිල ගණන් සංශෝධනය කළා.

කෙසේ වෙතත් මෙලෙසින් විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් රජය පනවා ඇති බදු මුදල් තවදුරටත් ලිහිල් කරමින් එම වාහන ප‍්‍රවර්ධනය සඳහා කටයුතු කළ යුතු බව ශ‍්‍රී ලංකා විදුලි වාහන සමාජය පවසනවා. පසුගිය දින කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා විදුලි වාහන සමාජ‍යේ කමිටු සාමාජික මහිසංක අබේවික‍්‍රම මේ බව කියා සිටියා.

එමෙන්ම වසරකට අඩු කාලයක් භාවිතා කරන ලද විදුලි වාහන සඳහා දැනට ලබා දෙන බදු සහනය වසර දෙක දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙසද ශ‍්‍රී ලංකා විදුලි වාහන සමාජය රජයෙන් ඉල්ලා සිටිනවා. ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී ශ‍්‍රි ලංකා විදුලි වාහන සමාජය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.

කිලෝවොට් 50 සිට කිලෝවොට් 150 දක්වා වූ විදුලි මෝටර් රථ සදහා රජය මගින් දැනට බදු පනවා තිබෙන අතර එම බදු මුදල් ලිහිල් කර රජය පාරිභෝගික ජනතාවට සහන ලබා දිය යුතු බවත් ඔවුන්ගේ මතයයි. වසර 2040 වනවිට සියලූ වාහන ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද මෙම තත්වය යටතේ එම ඉලක්ක ජය ගත නොහැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා විදුලි වාහන සමාජය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top