Sports

උපුල් තරංග හා ධනුෂ්ක ගුණතිලක BPL පිටිය උණුසුම් කරමින් ඊයේ රෑ දියත්කළ අනුකම්පා විරහිත ප්‍රහාරය මෙන්න(Video)

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 06 වන තරඟය ලෙස රාජ්ෂයි කිංග්ස් සහ සිලෙත් සික්සස් කණ්ඩයම් අතර ඊයේ පැවති තරඟය ජය ගැනීමට සිලෙත් කණ්ඩායම සමත් වුණා.
මේ තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනීම විශේෂත්වයක්.

තරඟයේ කාසිය වාසිය දිනූ රාජ්ෂයි කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සිලෙත් සික්සස් කණ්ඩයම සිය පන්දුවාර 20 තුලදී කඩුලු 06කට ලකුණු 205ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී සිලෙත් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු උපුල් තරංග වේගවත් අර්ධ ශතකයක් රැස් කළේ පන්දු 37කදීයි.

ඔහුගේ ඉනිමට හයේ පහර 1ක් සහ හතරේ පහර 05ක් ඇතුලත් වුණා.

ඔහුට අනගි සහයක් ලබා දුන් ආරම්භ පිතිකරු ඇඩ්රි ෆ්ලෙචර් හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් සමඟින් ලකුණු 48ක් රැස් කළා.

සිලෙත් සික්සස් කණ්ඩයමේ තුන්වන කඩුල්ලට පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක තරඟයේ උණුසුම තවත් වැඩි කරමින් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළේ රාජ්ෂයි කිංග්ස් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින්.

එහිදී පන්දු 22කට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 02ක්ද සමඟින් ධනුෂ්ක ගුණතිලක රැස් කළ ලකුණු සංඛ්‍යාව 42ක්.

ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය රාජ්ෂයි කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුලදී කඩුලු 08ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 172ක් පමණයි.

රාජ්ෂයි කිංග්ස් පිළ වෙනුවෙන් ආරම්භක පිතිකරු ලූක් රයිට් ලකුණු 56ක් රැස් කළා.

පන්දු යැවීමේදී අබුල් හසන් සහ ලියම් පලන්කට් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

ඒ අනුව සිලෙත් සික්සස් කණ්ඩයම මෙම තරඟය ජය ගත්තේලකුණු 33කින්.

තරඟයේ වීරයා සම්මානය ධනුෂ්ක ගුණතිලක හිමිකරගත් අතර, 2017 බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිලෙත් සික්සස් කණ්ඩායම මේ වන විට සහභාගී වූ සියලු තරඟ ජය ගැනීමට සමත්ව තිබෙනවා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top