Entertainment

උමාරියාගේ කවුරුත් නොදැක්ක ගායනයක් – යූටියුබ්වලත් ඉහළම ප්‍රතිචාර

උමාරියා සිංහවංශ කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ ගායිකාවක්. ඉතින් පසුගිය දා පැවති නින්නාද 2017 ප්‍රසංගයේදී උමාරියා විසින් ප්‍රේක්ෂකාගාරය මවිත කරමින් අපුරු ගායනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගීතයට මේවන විට උණුසුම් ප්‍රතිචාරද ලැබෙමින් පවතිනවා.

තාරුණ්‍යය ගායන පරපුර තුළ විශාල ප්‍රසිද්ධියට පත්ව ඇති උමාරියා සිංහවංශ මේ දිනවල ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන බවයි පැවසුවේ. එයට හේතුව ලෙස ඇය සඳහන් කළේ, ඉදිරියේදී ඇයගේ නව ගීතයක වැඩකටයුතු කරමින් පවතින බවයි.

ඊට අමතරව ඇය එම ගීතයට වීඩියෝවක්ද නිර්මාණය කර බවද අප සමග පැවසීය. එහි රූගත කිරීම් සිදුකරලා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ බවයි ඇය පැවසුවේ. ඊට අමතරව විදේශ සංචාර සඳහා සහභාගීවන අතර, ඉදිරියේදී විශාල ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේ එළිදැක්වීමට නියමිත බවයි ඇය සඳහන් කළේ.

මේ ඇගේ එම ගායනයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top