Political

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විදුහල්පතිනියකට හිංසා කළ බවට සඳහන් සිදුවීමපිලිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනපතිගෙන් පොලිස්පතිට උපදෙස් …

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ විදුහලක විදුහල්පතිනියකට හිංසා කළ බවට සඳහන් කෙරෙන තොරතුරු සහ පොලීසියට කර ඇති පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පු`ථල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම මෙම පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු ඌව පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කරගන්නා ලෙස ද ජනාධිපතිතුමා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් ලබා දී ඇත.

මේ පිලිබඳ සිදුකෙරෙන අපක්ෂපාතී පරික්ෂණ වාර්තාවේ සඳහන් කෙරෙන ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top