Political

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ මොණරාගල දිස්ත්‍රීක් මංගල ජනරැළිය අතිවිශාල ජනතාවගේ සහභාගිත්වයෙන් (Video/Photos)

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන ජනරැළි මාලාවේ මොණරාගල දිස්ත්‍රීක් මංගල ජනරැළිය අතිවිශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (19) පස්වරුවේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් වැල්ලවාය ප්‍රධාන ආසන සංවිධායක ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජනරැළියට අමාත්‍යවරුන්වන එස්.බී. දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා, සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top