Political

එළඹෙන 10 වෙනිදා ‍රටේ අනාගතය සහ ඉලක්කයන් උරගා බැලෙන දිනය වනු ඇති – EXCLUSIVE

මෙවර පළාත් පාලන මැතිවරණය හුදෙක් රටේ දිශානතිය තීරණය කරන්නක් සහ රටේ අනාගත වපසරිය තීරණය කරන්නා වූ සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වනබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සංවිධායක නලීන් රණවීර මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත්දා මාතර කඹුරුපිටිය ,ගම්මුදාවත්ත ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමක් සඳහා සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථපිත කර මානව නිදහස සහ අයිතීන් දිනා දුන්නේ අන් කවරෙකුවත් නොව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිස අන් කවරෙකුවත් නොවනා බවයි. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින්, රට තුල සමගිය නිර්මාණය කරමින් අනාගත ඉලක්කයක් කරා රට මෙහෙයවන මෙකී නායකත්වය වටා මිනිසුන් ඒකරාශී වියයුතු බවත්, එළඹෙන 10 වෙනිදා උදාවන්නේ හුදෙක් ගම හදන වැඩපිළිවෙලේ සමාරම්භයම පමණක් බවත් මෙහිදී ඒ මහතා වැඩිදුරටත් රැස්ව සිටි ජනාතාව අමතමින් ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top