Political

ඒකාබද්ධයේ පිරිසක් පාර්ලිමේන්තුවේදී යකා නටයි කවදාවත් දැකලා නැති ලොකුගේ ගේ ගැටුම මෙන්න (Video)

අද පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය තුළදී හටගත් නොසන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව සැසිවාරය තාවකාලිකව විනාඩි 10කට අත්හිටුවා තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ විරෝධතාවයක නිරත වීමත් සමග මෙම තත්වය ඇතිව තිබෙනවා.

කෙසේ වෙතත් විපක්ෂයේ නොසන්සුන්තාව හමුවේ අග්‍රාමාත්‍යවරයා සිය කතාව ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කළ අතර පසුව විනාඩි 10කට සැසිවාරය අත්හිටුවා ඇත.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරන්නේ අගමැතිවරයා කතා කරමින් සිටින විට ඔහු දෙසට යමකින් දමා ගැසූ බවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මෙවැනි ගැටුමක් තමා කිසිම දිනක දැක නොමැති බවත් පළමුවෙන්ම විපක්ෂ මන්ත්‍රී ගාමිණී ලොකුගේ නැගී සිටි බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top