Sports

‘‘ඔහු ඔහුගේම හැකියාව ගැන සැක කරන්න පටන් ගත්තා‘‘ – ටේස්ට් ලකුණු 10 000 පසු කරන මීළඟ ශ්‍රී ලාංකිකයා ගැන සංගාගෙන් ඉඟියක්…!

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.ඒ පසුගියදා පාකිස්ථානු කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්ව ගුණාංග මෙහිදී සංගක්කාරගේ පැසසුමට ලක්ව තිබේ.

‘‘එය විශිෂ්ඨ ජයග්‍රහණයක්.කණ්ඩායම හුඟක් මහන්සී වී ලබාගත් ප්‍රතිපලයක් මේක.චන්දිමාල්ගේ නායකත්වය වගේම හේරත්, දිල්රුවන් විශිෂ්ඨයි. චන්දි පළමු තරගයේදී පීඩනය හසුරුවා ගත් ආකාරය පැසසිය යුතුයි..

සමහරු කියනවා ඔහුගේ ඉනිම මන්දගාමි එකක් කියලා.ඒත් මේයට තමයි ටෙස්ට් ක්‍රිකට් කියන්නේ .මෙහෙම තමයි මේ ක්‍රීඩාව කරන්නේ.ඔහු කණ්ඩායම හොඳ තැනකට රැගෙන ගියා..ඔහුගේ නායකත්වය විශිෂ්ඨයි.පන්දු රකින්නන් යොදාවා ගත් අකාරය වගේම ඕනම වේලාවේ වගකීම අරගෙන ඔහු සෙල්ලම් කළ ආකාරය බලන් ඉන්න අපූරුයි.

දිගු ඉනිමක් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා මං චන්දි එක්ක කතා කරලා තියනවා.චන්දි හොඳ පිතිකරුවෙක්.ඒත් කණ්ඩායමෙන් නිශ්චිත ස්ථානයක් නැති වීම හින්දා ඔහුගේ ආත්ම විශ්වාසය කඩා වැටුණා.ඔහු ඔහුගේම හැකියාව ගැන සැක කරන්න පටන් ගත්තා.ඔහු එංගලන්තය දකුණු අප්‍රිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවල සෙල්ල්ම් කරනවා මං දැකලා තියනවා.ඔහු විශිෂ්ඨයි.

ඔහු හොඳ එක්දින ක්‍රීඩකයෙක්.ඔහු ටේස්ට් මෙන්ම එක්දින, විස්සයි 20 තරඟත් ක්‍රීඩා කළ යුතුයි.අංක තුන හෝ හතර ස්ථානයේ ඔහු ක්‍රීඩා කළ යුතුයි.ඔහු අපි දිගුකාලීනව බලාපොරාත්තු තබා සිටින ක්‍රීඩකයෙක්.චන්දි ටෙස්ට් ලකුණු 10000 සීමාව පසු කරාවි යැයි මා සිතනවා..‘‘

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top