Political

“කටුක අභියෝග ජයගන්න දරුවන් ශක්‌තිමත් විය යුතුයි – ජනපති මෛත්‍රිපාල සිරිසේන. (VIDEO)

යහපත් මානසිකත්වයෙන්අ තොරව අඩු වයසින් විවාහ දිවියට ඇතුලුවන තරුණ පිරිස්‌ අතරින් සියයට හැත්තෑවක්‌ තරම් පිරිසකගේ විවාහ ජීවිතය අසාර්ථක බවත්, ඉන් පැනනගින ගැටලුවල අවසානය සියදිවි නසා ගැනීම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

සියදිවි නසා ගැනීමේ සංඛ්‍යාලේඛන දත්ත අනුව ශ්‍රී ලංකාව ලෝකයේ තෙවන හෝ සිවුවන ස්‌ථානයට පත්ව සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ පෙරේදා (15 දා) පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

වර්තමානයේ බොහොමයක්‌ දරුවෝ සිය මවට පියාට වඩා ජංගම දුරකථනයට ආදරය සෙනෙහස දක්‌වන බවක්‌ පෙනෙන්නට ඇති බවත්, ලෝකය නව දිශාවකට යොමු කිරීමේ අභිප්‍රායෙන් බිහිකළ නව තාක්‌ෂණය සහ තාක්‌ෂණික උපකරණ වැරදි ලෙස භාවිතා කිරීමෙන් අද සමාජය එහි දරුණු සෝචනීය ප්‍රතිඵල අත්විඳිමින් සිටින බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීය.

පොත පතේ විෂය නිර්දේශ වෙත අවධානය යොමුකරන්නා සේම සමාජය තුළ සිද්ධවන කටුක සිද්ධීන්, අභියෝග, බාධක සහ ගැටලු පිළිබඳ අවබෝධයක්‌ මෙන්ම, ඒවාට මුහුණදිය හැකි ශක්‌තියක්‌ ඇතිකර ගැනීමට දරුවන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙම අවස්‌ථාව සඳහා මධ්‍යම පළාත් මැති ඇමැතිවරු රැසක්‌ ද මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැසක්‌ද සහභාගි වී සිටියහ. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

විශේෂයෙන් පාසැල්වල උත්සවවලට මම සහභාගී වීමට වැඩි උනන්දුවක්‌ දක්‌වනවා. ඊට හේතුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමට රජය විසින් කරන කටයුතුවල සාර්ථක අසාර්ථක භාවය, ඒවා නිවැරදි කර ගැනීමට තිබෙන යෝජනා, පාසල් වල තත්ත්වය ආදිය පිළිබදව අවබෝධයක්‌ ලැබෙන නිසයි. ඒ නිසා මේ අවස්‌ථාවට එක්‌වීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.

වසර 75 ක කීර්තිමත් ඉතිහාසයක්‌ ඇති මෙම පාසලෙන් අධ්‍යාපනය ලැබූ දරුවන් ලොව දිනූ දරුවන් විදියට අපි දකිනවා. මේ පාසල මීට වසර 75 කට පෙර ආරම්භ කරන විට රටේ ආර්ථික සමාජ දේශපාලන තත්ත්වය කුමන ආකාරයකට තිබෙන්නට ඇත්ද. මේ වනවිට මේ පාසලේ සිදුවී ඇති වෙනස්‌කම්, සංවර්ධනය කවරාකාරද.

අපේ රටේ දරුවන් ලක්‌ෂ 43 ක්‌ අධ්‍යාපනය ලබනවා. දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීමට තිබෙන තරගය කොළඹ, ගම්පහ, මහනුවර, රත්නපුර, ගාල්ල ට පමණක්‌ සීමා වී නැහැ. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම නගරයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ තරගයක්‌ තිබෙනවා. ඒ තරගකාරිත්වය තිබෙන්නේ දරුවන්ට වඩා දෙමවුපියන්ට. ඒ තමන්ගේ දරුවන්ට හොද අධ්‍යාපනයක්‌ දීමට තිබෙන අවශ්‍යතාවය නිසයි. දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකම හැඟී යන්නේ තමන්ගේ ජීවිතයේ යම් වයස්‌ සීමාවකට පැමිණි පසුවයි.

කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන ජනතාව සදහා නව නිවාස ලබාදීමේ අවස්‌ථාවකට මම මෑතකදී සහභාගී වුණා. මම එහි සිටි දරුවන් සමග කතා කළා. මම ඒ දරුවන් සහ දෙමවුපියන් සමග කතාකරද්දි දැන ගත්තේ ඒ දරුවන්ගෙන් කාටවත් කොළඹ නගරයේ ජනප්‍රිය පාසල් හිමිවී නැති බව.

කොළඹ නගරය රටේ ජනප්‍රිය, කීර්තිමත් පාසල් ගණනාවක්‌ පිළිබදව ප්‍රසිද්ධියක්‌ උසුලනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ගෙන් වැඩිම ලකුණු ගන්න දරුවන් කොළඹ, මහනුවර පාසැල් වලට ඇතුළත් වෙනවා. කොළඹ පාසැල් වල ඉන්න දරුවන්ගෙන් සියයට 60 ක්‌ම කොළඹ පදිංචි දරුවන් නෙවෙයි. කොළඹ ළමයින්ට කොළඹ පාසල් ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනය සඳහා තිබෙන තරගය තුළයි මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවී තිබෙන්නේ. මගේ ක්‍රියාකාරී දේශපාලනයට වසර 50 ක්‌. නමුත් මේ පාසල් තරගයේ යථාර්ථය මේ තරම්ම බරපතළ බව මම දැනගත්තේ එදා තමයි.

මම ඒ අවස්‌ථාවේ එතන සිටි ඇමතිවරුන්ගෙන් ඇහුවා ඒ අවස්‌ථාවේ ඔවුන් කිව්වේ ජනාධිපතිතුමා අලුතෙන් පාසල් හදන්න කියලා ඉල්ලීම් ගණනාවක්‌ ඉදිරිපත් කර තිබෙනවා. කලින් ආණ්‌ඩුවෙනුත් ඉල්ලුවා දැන් තියෙන ආණ්‌ඩුවෙනුත් ඉල්ලුවා. නමුත් අලුතෙන් පාසල් ඉදිකරන්න තවම සූදානමක්‌ නැහැ කියලා.

නිදහස්‌ අධ්‍යාපනයේ වටිනාකම් පිළිබඳව අපි කතා කරනවා. ඒ ගැන අපි සතුටුවෙනවා. නමුත් ඒ අතරේ අපි නොදකින දේවල් කොතෙක්‌ තියෙනවාද. රටක උපදින සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් ඇතැම් රටවල නීති සකස්‌වී තිබෙනවා. තවත් පැත්තකින් ජාත්‍යන්තර ප්‍රඥප්තින් සකස්‌ වී තිබෙනවා. අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිවම දක්‌වා තිබෙනවා සෑම දරුවෙකුටම අධ්‍යාපනය දීමට රජය බැඳී සිටිනවා කියන කාරණය.

එක්‌ පැත්තකින් අධ්‍යාපනයේ තරගකාරිත්වය වගේම තවත් පැත්තකින් ඉතාමත් කනගාටුදායක දේ අපේ රට තුළ තිබෙනවා. අපරාධකරුවන්, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් නොයෙක්‌ නීති විරෝධී කටයුතු කරන අය සිටින සමාජයේ ඒ අභියෝග මධ්‍යයේ තමයි දරුවන්ගේ සමාජය ගොඩනැඟෙන්නේ.

සියදිවි නසා ගැනීම් වලින් අපි ලෝකයේ තෙවන හෝ සිවුවන තැන සිටිනවා. සියදිවි නසා ගැනීමට බලපාන විවිධ මනෝ විද්‍යාත්මක සහ සමාජමය හේතු තිබිය හැකියි. විශේෂයෙන් අඩු වයසින් විවාහ වන දරුවන්ගේ විවාහ ජීවිත සියයට 70 කින් අසාර්ථක වන බව කියෑඑවෙනවා. වයස දහයක පාසල් දැරියක්‌ දිවිනසාගත් පුවතක්‌ අද සියලු පුවත්පත්වල පළවී තිබෙනවා.

තවත් දරුවෙකුගේ ජංගම දුරකතනයක්‌ සොරාගත් බවට ගුරුවරිය චෝදනා කිරීමත් පංතියේ දරුවන් ඒ පිළිබඳව කළ උසුඑ විසුඑත් නිසා එම දරුවා බලවත් සිත් තැවුලට පත්ව මෙම ෙ€දවාචකය සිදුවූ බවයි පුවත්පත්වල සඳහන් වී තිබෙන්නේ. ඇත්තෙන්ම මෙය වළක්‌වාගත හැකිව තිබූ ෙ€දවාචකයක්‌. දරුවන් අතින් වන පුංචි පුංචි වැරදි මේ සා දුර දිග නොයවන්නට ගුරුවරුන් සහ පාසල්වලට විශාල වගකීමක්‌ තියෙනවා. මේ දරුවා කළ දේ ඇත්තටම හොරකමක්‌ද.

අපි විභාග වලින් හොද ප්‍රතිඵල පෙන්වනවා වගේම සමාජයේ ඇතිවන අභියෝග, බාධාවන් ගැටලු තේරුම් ගන්නටත් ඒවාට මුහුණ දීමට අවශ්‍ය කුසලතා වර්ධනයටත් අධ්‍යාපනයේ ඉඩ වෙන්විය යුතුයි. ඒ වගේම ඒ සිද්ධීන් වලට ලක්‌වන දරුවන් හෝ වැඩිහිටියන්ගේ මානසික ගැටලු වලට දෙන විසදුම් හෝ වැඩපිළිවෙළවල් වල දුර්වලතා රාශියක්‌ තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මෙවැනි සිදුවීම් වීමට වැඩි ඉඩක්‌ තිබෙන්නේ.

අනෙත් පැත්තෙන් මත්කුඩු මත්පෙති බරපතළ සමාජ ව්‍යසනයන් වී තිබෙනවා. සමහර දරුවන් හිතනවා තමාගේ ජීවිතය තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියලා. එවැනි දරුවෝ සමහර වේලාවට අම්මාට තාත්තාට වඩා ජංගම දුරකතනයට ආදරෙයි. ඒක තමා ඇත්ත තත්වය. තාක්‌ෂණය බිහි කළ මිනිසුන් යහපත් මානව සමාජයක්‌ ගොඩනගන්න මිනිසුන්ගේ විශිෂ්ටත්වය සහ ශේ්‍රෂ්ඨත්වය ගොඩනගන්න, ලෝකය නව දිශාවන්ට රැගෙන යන්න මේ තාක්‌ෂණික උපකරණ බිහි කළේ.

නමුත් ඒ යහපත් පැත්තට යන වේගය වගේම තාක්‌ෂණික උපකරණත් සමග අයහපත් පැත්තට යන්න මිනිසා කොතෙක්‌ කැපවීම් කරනවා ද?

2016 අවුරුද්දේ පාප් වහන්සේ බැහැ දකින්න ගිය වේලාවේ උන්වහන්සේ මා සමග කතා කරන වේලාවේ මගෙන් ප්‍රශ්නයක්‌ ඇහුවා. මේ අද වගේ ඒ දවස්‌වල ලෝකය තුළ යුද ගැටුම් තිබුණා. මට මතකයි ඒ වේලාවේ ලෝකයේ රටවල් දෙකක තුනක බරපතළ යුද ගැටුම් ප්‍රශ්න තිබුණා. පාප් වහන්සේ මගෙන් ඇහුවා මේ තියෙන යුද ගැටුම් නවත්වන්න ඔබේ යෝජනා මොනවාද කියලා. මේකට දෙන්න තියෙන උත්තරය දීර්ඝ උත්තරයක්‌ නේ. මම පිළිතුරු නොදී හිනා වෙලා හිටියා.

ම්31ලෝකයේ රාජ්‍ය නායකයින් ජාත්‍යන්තර සංවිධාන, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යුද ගැටුම් නවත්වන්න දීර්ඝ සාකච්ජා පවත්වනවා. නමුත් පහසු දෙයක්‌ තියෙන්නේ. ඒ දේ කවුරුවත් කරන්නේ නැහැ. ලෝකයේ ආයුධ හදන එක නවත්වන එකයි තියෙන්නේ. ආයුධ නැත්නම් කොහොමද යුද්ධ කරන්නේ. ආයුධ නැත්නම් කිසිවෙකුට අලාභයක්‌ වෙන්නෙත් නැහැ. ප්‍රශ්නයක්‌ වෙන්නෙත් නැහැ. ඇයි ආයුධ හදන එක නවත්වන්නේ නැත්තේ කියලා.

මම පසුගිය දිනෙක පාසල්වල කියපු කතාවක්‌ කියන්නම්. ලංකාවේ නොවෙයි පිටරටක පොදු ප්‍රවාහන සේවා බස්‌ එකකට නැග්ගා දරුවන් තුන්දෙනෙක්‌ සහ තාත්තා කෙනෙක්‌. දරුවෝ තුන් දෙනා අඬ අඬා හිටියේ. තාත්තා ඇස්‌ පියාගෙන බස්‌ එකේ නිදාගෙන හිටියා. දරුවන්ගේ හැŽම අනෙක්‌ මගීන්ට හිරිහැරයක්‌ වුණා. ඒ වගේම තාත්තාගේ නිදා ගැන්ම ඔවුන්ව කේන්තියට පත් කළා. ඇයි මේ දරුවන්ගේ ඇඬිල්ල නවත්වන්නේ නැත්තේ, ඒක අපිට මහා කරදරයක්‌. හයියෙන් කෑගහලා එක්‌ මගියෙක්‌ කිව්වා. තාත්තා හෙමින් ඇහැරලා ළඟ හිටපු මගීන්ට උත්තර දුන්නා. මගේ බිරිද ඒ දරුවන්ගේ අම්මා මොහොතකට කලින් රෝහලේ දී මිය ගියා. මමගෙදර යන්නේ මේ දරුවන් එක්‌ක මළගෙදර වැඩ කටයුතුවලටයි. ඔවුන් ඒ පියාට සහ දරුවන්ට උදව්වක්‌ විය හැකි ආකාර ගැන හිතුවා, කතා කළා. අර බස්‌ එකේ හිටපු සියලු මගීන්ටත් ලොකු අනුකම්පාවක්‌ ඇතිවුණා.

ප්‍රශ්නයක්‌ පිළිබඳව අපි බාහිරව දකින දේ, පිටින් දකින දේට වඩා අභ්‍යන්තරය වෙනස්‌. දරුවන්ගේ ප්‍රශ්නවලදී වගේම වැඩිහිටියන්ගේ ප්‍රශ්නවලදී තත්ත්වයත් එසේමයි. නමුත් අපි බොහෝ වේලාවට තීන්දු තීරණ ගන්නේ මතුපිටින් පෙනෙන දේවල් දෙස බලලා. බොහෝ තීන්දු තීරණ පුද්ගලයන් පිළිබඳව ගන්නේ මතුපිටින් පෙනෙන සහ දකින දේවල් දෙස බලලා. ඒ නිසා අපි දරුවෙක්‌, මිනිසෙක්‌, ආයතනයක්‌ ඕනෑම දෙයක්‌ පිළිබඳව ඇතිවෙන්නාවූ ගැටලුවක දී ප්‍රශ්නයක දී අපි දකින දේ පෙනෙන දේ වගේම වඩාත් එහි අභ්‍යන්තරය පිළිබඳව සොයා බැලීමත් ඉතා වැදගත් වෙනවා.

ඒ නිසා පාසලක දරුවන්ට දෙන අධ්‍යාපනයේදී හොඳ සහතික ගන්නවා වගේම විශිෂ්ට විභාග ප්‍රතිඵල ලබා ගන්නවා වගේම ඔබ අධ්‍යාපනයේ විශිෂ්ටයන් විය යුතුයි වගේම ඔබ ලෝකය ජයගත යුතුයි වගේම ආදරණීය දරුවනේ, සමාජය තුළ තිබෙන විවිධ විෂමතාවයන්, බාධාවන්, ගැටලු, ප්‍රශ්න සහ අභියෝග සියල්ල තේරුම් ගන්න සමාජය සමග නිවැරදිව ගැටෙන්න අවශ්‍යයි. සමාජය හඳුනා ගන්න අවශ්‍යයි. පාසලේ විෂය නිර්දේශයට අයත් පොත පත කියවනවා වගේම ඉන් බාහිර බොහෝ දේ ඔබ විසින් කියවිය යුතු වෙනවා. බාහිර බොහෝ දේ ඔබ විසින් දැකිය යුතු වෙනවා. බාහිර බොහෝ දේ අධ්‍යයනය කිරීම් කළ යුතු වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top