Local

කමියුනිකේෂන් කඩන අලුත් හොරෙක්…!! විජේරාමේ CCTV කැමරාවක සියල්ල සටහන් වේ. (VIDEO)

ඊයේ අළුයම විජේරාමේ පිහිටි කමියුනිකේෂන් එකකට ඇතුළු වූ හොරෙකු කළ වික්‍රමය එහි CCTV කැමරාවල හරි අපූරුවට සටහන්ව තිබෙනවා.කමියුනිකේෂන් එක ඉදිරිපස ඇති ලයිට් කණුවකට නැග එයට ඇතුලු වුන මේ හොරාට තවත් සගයෙක් ජංගම දුරකතනයක් මාර්ගයෙන් එළියේ සිට උදව් කරන අයුරු එහි CCTV කැමරාවල සටහන්ව තිබෙනවා.

කඩ හිමියා පවසන අන්දමට හොරා විසින් කමියුනිකේෂන් එකෙහි තිබුනු කිසිඳු වටිනා භාණ්ඩයක් ලබාගෙන නොමැත. ඒ වගේම සිය කවුන්ටරය අසල මුදල් ප්‍රමාණයක්ද හොරා තබාගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.මෙය එක්තරා විදියේ අරුම පුදුම හොරකමක ලක්ෂණ පෙන්නුම් කරන නිසා ප්‍රදේශය පුරා විවිධ කටකතා පැතිරෙමින් තිබෙන අතර වැඩිදුර පරීක්ෂන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අනාවරණය වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top