Science

කලවම් වුණු මානවයා නියැන්ඩර්තාල්

මීට වසර මිලියන ගණනකට පෙර නියැන්ඩර්තාල් මානවයා අප්‍රිකාව හැරගිය පසු වෙනත් හෝමෝ වර්ගයේ මානවයන් සමඟ සම්මිශ්‍රණය වී ඇතැයි නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂක ජෙෆ්රි ලෝංග් ‘නිව් සයන්ටිස්ට්’ සඟරාවට හෙළි කර ඇත.

මේ අනුව නියැන්ඩර්තාල් මානවයන්ගේ ජාන සමඟ හෝමෝ සේපියන්ස්ලාගේ ජාන කලවම් වී ඇති බව පැහැදිලිවම අනාවරණය කරගෙන ඇතැයි එම සඟරාව වැඩිදුරටත් සඳහන් කරයි.

අතීත මානව වර්ගයන් අතර මෙවැනි සම්මිශ්‍රණය වීම් මානව විද්‍යාඥයන් අතර කලක් තිස්සේම සැකයට තුඩුදී තිබිණි. ඒ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ හෝමෝ සේපියන්ස් සමඟ මිශ්‍ර වූ අනෙක් ජාන විශේෂ නියැල්ඩර්තාල්ගෙන් පමණක්ම නොවන බවයි. මේ සම්බන්ධයෙන් බි්‍රස්ටල් විශ්වවිද්‍යාලයේ ජෝ සිල්ගෝ පවසන්නේද මේ කියන සම්මිශ්‍රණය නොහොත් කලවම් වීම සැබෑවක් විය හැකි බවයි.

මේ පිළිබඳ පළමු ස්ථිර සාක්ෂිය සොයාගනු ලැබ ඇත්තේ ජර්මනියේ ලිප්සිග්හි මානව පරිනාමය පිළිබඳ ආයතනයේ ස්වාන්ට් ජාවෝ ඇතුළු පර්යේෂක කණ්ඩායමකි.

ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ වත්මන් මානවයාගේ ජාන දළ වශයෙන් සියයට 1 සිට 4 දක්වා ප්‍රමාණයක් නියැන්ඩර්තාල් මානවයාගේ බවය.

පර්යේෂක ජෙෆ්රි ලෝංග් ඇතුළු පර්යේෂක කණ්ඩායම පවසන්නේ යුරේසියානුවන් අනෙකුත් හෝමෝ කාණ්ඩයේ මානවයන්ගේ ජානමය බෙදීම ලබාගෙන ඇත්තේ නියැන්ඩර්තාල්වරුන් අප්‍රිකාව හැර දමා ගිය පසුව බවයි.

බන්ධුල ගුණරත්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top