World

කවුද මේ ලංකාවට එන නයිදු (Chandrababu Naidu) ?

– චන්ද්‍රබාබු නයිදු, 1950 අප්‍රේල් මස 20 වන දින අන්ද්‍රා ප්‍රදේශ්හි ගොවි පවුලකට උපත ලැබීය. තමන් උපත ලද ග්‍රාමයේ පාසලක් නොමැති වීම හේතුවෙන් තම මුලික අධ්‍යාපනය ශේෂ්පුරම් සහ චන්ද්‍රගිරි හි හදාරා තම පශ්චාත් උපාධිය තිරුපතිහි ලබා ගන්නා ලදී. 1974 දී අචාර්ය උපාධිය සම්පුර්ණ කරමින් සිටියදී ඔහු එය අතරමග නවතා දේශපාලන ලෝකයට පිවිසියේය.

– චන්ද්‍රබාබු නයිදු මහතා 2014 වසරේ සිට අන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ධූරය දරන ඉන්දීය දේශපාලනඥයෙක් වන අතර අලුතින් පිහිටුවන ලද අන්ද්‍රා ප්‍රාන්තයේ එම ධූරය හොබවන ලද ප්‍පළමු පුද්ගලයාද වනවා.

– වයස අවුරුදු 28 මන්ත්‍රණ සභා සාමාජිකයකු වූ ඔහු එම සාමාජිකත්වය ලබා ගත් ලාබාලතම දේශපාලනඥයාද වන අතර මහා ඇමති ධුරය දීර්ඝතම කාලයක් හොබවන ලද පුද්ගලයාද වනවා.

– ඔහු එම ධූරයට පත්වීමෙන් පසු ඉන්දියාව තුළ විශාල ප්‍රතිසංවිධාන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවා.

– ඔහුගේ මගපෙන්වීම යටතේ ඉන්දීය තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රයේ පෙරළියක් කරමින් හයිද්‍රාබාද් ප්‍රදේශය ඉන්දියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂන මධ්‍යස්ථානය බවට පත්කිරීමට ඔහු සමත් විය. ඔහුගේ මෙම රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්ය පාලනය සඳහා තිබෙන ප්‍රවේශය හේතුවෙන් ලෝක නායකයින්ගෙන් පවා ඉහළ පැසසුම් ලැබීමට ඔහු වාසනාවන්ත විය.

– ඔහුගේ පරිපාලනයේදී කෘෂිකර්මාන්තය සඳහා තිබූ අවධානය අවම වීම හේතුවෙන් 2004 වසරේ පැවති චන්දයෙන් පරාජයට පත්වීමට ඔහුට සිදුවිය. පසුව ඔහු 2009 මන්ත්‍රණ සභා චන්දයෙන්ද පරාජයට පත්විය. කෙසේ නමුත් අවසානයේ 2014 වර්ෂයේ පැවති චන්දයෙන් නැවතත් මහා ඇමති ධූරයට පත්වීමට සමත් විය.

– ඔහු ලබාගත් අතර විශාල සම්මාන ප්‍රමාණය අතර,
– IT Indian of the Millennium by India Today
– Business Person of the Year by The Economic Times
– South Asian of the Year from Time Asia
– Membership in the World Economic Forum’s Dream Cabinet
යන සම්මාන සහ ජයග්‍රහණ විශේෂ තැනක් ගනු ලබනවා.

– 2014 වසරේ මහ ඇමති ධූරයට පත්වීමෙන් පසු වර්තමානය වන විට ඔහු විසින් විවිධ අධ්‍යාපනික ආයතන රැසක් අන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටුවා ඇති අතර තොරතුරු තාක්ෂණ ලෝකයේ ඉන්දියාව ඉහළට ඔසවා තැබීමට ඔහු විශාල මෙහෙයක් සිදු කර ඇත.

– ඔහු විසින් ඇමරිකානු එක්සත් ජනපදය සමග එක්ව ‘Vision 2020’ නමින් නව දැක්මක් ඉන්දියාවට ඉදිරිපත් කර ඇත. ඒ මගින් අඩු වියදම් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්‍රමයක්, ගම්බද රැකියා සහ මහා පරිමාණ සංස්ථා වෙනුවට නව කුඩා පරිමාණ ආයෝජකයන් බිහි කිරීමේ ක්‍රමවේදයක් 2020 වසරේදී ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් සැලසුම් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top