Political

කවුරුවත් කතා කරන්න බය කතාවක් ජනාධිපති කෙලින් කියයි (Photos)

කවුරුවත් කතා නොකරන ගොවි මහත්වරු සහ රජයේ නිලධාරීන් නිතර කියන ප‍්‍රශ්නයක් තමයි අපිට වවන්න පුළුවන්. නමුත් අපි කොහොමද ඒවා සත්තුන්ගෙන් බේර ගන්නේ කියන ගැටලූව. මේ රටේ වඳුරන් සහ රිලවුුන් ලක්ෂ 10 කට වැඩිය සිටිනවා. තමුන්නාන්සේලා දන්නවා වඳුරන්, රිලවුන් පොල් ගහකට නැග්ගහම විශේෂයෙන්ම පොල් ඇට්ටි කාලා මුළු පොල් වල්ලම විනාශ කරනවා. දවසකට වඳුරන් රිලවුන් ලක්ෂයක් පොල් වලූ ලක්ෂයක් විනාශ කළොත් පොල් නිෂ්පාදනයේ තත්ත්වය කුමක්ද?

මේවා ගැන කතා කරන්නේ නැහැ. මේවාට සැලසුම් නැහැ.

ජනාධිපතිතුමා මෙම අදහස් ඵල කළේ ඊයේ (6) පැවැති වප් මගුල් උත්සවයේදීයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ එතුමා..

ඒවගේම තමයි වල් අලින්ගෙන් සිදුවෙන විනාශය. වල් ඌරන්ගෙන් වන විනාශය. ඒවගේම දෙවියන්ගේ වාහනය විදියට අපි බොහොම ගරු කරන සතෙක් මොණරා. මොණරුන් දහස් ගණනක් මේ රටේ ඉන්නවා. මේ මොණරුන් පීදිලා තියෙන කුඹුරකට බැස්සහම වී බුසල් දෙකක් කටට දාගෙන තමයි ඉගිලිලා යන්නේ. රටේ ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සම්පුර්ණයෙන්ම සතුන් විසින් විනාශ කරනවා.

සතුන්ට වඩා මිනිසුන් ආරක්ෂා කළ යුතු යුතුයි

මේවා පිළිබඳව තීන්දු තීරණ ගන්න ගියහම නොයෙකුත් ප‍්‍රශ්න ඇති වෙනවා. බෞද්ධයින් විදියට හිතන්න තිබෙනවා. සමාජ සදාචාරය ගැන තීන්දු තීරණ ගැනීමේදි එකගතාවයන් ඇති කර ගන්න තිබෙනවා. අද කොළඹ හතෙත් රිලව්, වඳුරෝ ඉන්නවා. රිලව්, වඳුරෝ නැති තැනක් නැහැ. ඔවුන් කරන විනාශය ඉතාමත්ම බරපතළයි. මේ කාරණා සැලකිල්ලට අරගෙන යම් යම් තීන්දු තීරණවලට යන්න සිද්ධ වෙනවා. සතුන් සැමවිටම රැකිය යුතුයි. එහෙත් සතුන්ට වඩා මිනිසුන් ආරක්ෂා කළ යුතු යුතුයි කියන ප‍්‍රතිපත්තියේ ඉඳන් ආණ්ඩුවක් විදියට වැඩකරන්න සිද්ධ වෙනවා.

තුන් අවුරුදු සැළැස්මක ආරම්භය

ඒවගේම ගොවි ජනතාවට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. නියගයත් එක්ක බොහෝ ප‍්‍රදේශවල බිත්තර වී නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන විදියට ලංකාවේ මාස් කන්නයට හෙක්ටයාර් අට ලක්ෂයක් වගා කළ යුතුයි. ඒ සඳහා බිත්තර වී තිබෙනවා.

බිත්තර වී නොමැති ප‍්‍රදේශවලට රජය බිත්තර වී දෙන්න බලාපොරොත්තු වෙනවා. නියගයෙන් පිඩා විඳි ප‍්‍රදේශවල ගොවි මහත්වරුන්ට කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය එක්වී යම් සහනදායී තත්ත්වයකින් බිත්තර වී සැපයීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

මම කලින් කිව්වා වගේ අද දවස පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක්. මෙය ගොවි සතිය, කෘෂි, සතිය, මහවැලි සතිය ආදී ලෙස නම් කරලා තිබෙනවා. මේක සතියකට දෙකකට සීමා වෙන දෙයක් නෙවෙයි.

මේක තුන් අවුරුදු සැළැස්මක් එක්ක සම්පූර්ණයෙන් අඛණ්ඩව ඉදිරියට යන වැඩපිළිවෙළක්. ඒ තත්ත්වය තුළ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට අවශ්‍ය පහසුකම්, සම්පත් ලබාදීලා ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීලා මේ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ආණ්ඩුවක් විදියට ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top