Sports

ක්‍රිකට් මහගෙදරින් කුසල්ට ලොකු තැනක් – ලෝකේ හොඳම විසිදෙනා අතරටත් එක්වෙයි (VIDEO)

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ නිළ ෆේස්බුක් පිටුව මගින් 2016 වසරේදී ලෝක ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ සුපිරිතම ක්‍රීඩකයින් 20 දෙනා තෝරාගෙන තිබේ.

මේ අතර 17 ස්ථානය වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.

මෙම තෝරා ගැනීමට අදාළ පළමු ස්ථාන පිළිබඳව මේ දක්වා ප්‍රකාශයට පත් කර නැතත් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඉහළම ස්ථානය වන 11 පාකිස්ථානයේ මිස්බා උල් හක් හිමිකරගෙන සිටින අතර 12 වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හිමි කරගෙන සිටී.

තවද අංක 13 සිට 20 දක්වා ස්ථාන පිළිවෙළින් ආජින්ක්‍යා රහනේ (ඉන්දියාව) ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව), යසීර් ෂා (පාකිස්තානය), මාලන් සැමුවෙල් (බ.ඉන්දීය කොදෙව්), කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව), චෙතේෂ්වර් පුජාරා (ඉන්දියාව), ඉම්රාන් තහීර් (ද. අප්‍රිකාව), සහ ශකීබ් අල් හසාන් (බංග්ලාදේශය) යන ක්‍රීඩකයන්ට හිමිව ඇත.

ගෙවී යන 2016 වසර තුළ ටෙස්ට් තරග 11කට ක්‍රීඩා කර 34.00ක සාමාන්‍යයක් රඳවා ගනිමින් මුළු ලකුණු 714ක් රැස් කිරීමට සමත්ව ඇති අතර ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 2ක්ද ඇතුළත් වේ. එමෙන්ම මේ දක්වා එක්දින තරග 17කට මුහුණ දී ඇති කුසල් මෙන්ඩිස් 37.93ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 569ක් රැස් කර ඇති අතර එහිදී අර්ධ ශතක 7ක් ලබා ගැනීමට සමත්ව ඇත.

කෙසේ වෙතත් මෙම තෝරා ගැනීමට කුසල් මෙන්ඩිස් පසුගියදා ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ශතකය ප්‍ර‍බල සාධකයක් වී තිබේ.ඔස්ට්‍රේලියාවට එරෙහිව අඩුම වයසකදී ටෙස්ට් ශතකයක් ලබාගත් ක්‍රීඩකයා ලෙසද එහිදී ඔහු වාර්තාවක් තැබීය.

උපුටා ගැනීම : www.nethgossip.lk

වීඩියෝව පහතින් නරඹන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top