Political

කැබිනට් ඇමතිකම නොලැබුණු විමල් හැරී ගියා – ධූරයෙන් නික්ම යන දවසත් ජනපති හෙළිකරයි! (Video)

දූෂිතයින්ට නිසි දඬුවම්දීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමෙන් අනතුරුව තමා ධූරයෙන් නික්ම යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොස්ගම පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැළියට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ රට හැදීමට හැකියාවක් නැත්තේ දූෂිත දේශපාලඥයින් නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මේ රටේ පවතින දූෂණයට හොරකමට නාස්තියට විරුද්ධව ජනතාවාදී දේශපාලන ගමනක් යෑමට මහජනතාව සමඟ පාරට බෑසිමට වුවද තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙන්ම පාක්ෂිකයින් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

මෙම රැස්වීමේදී අදහස් දැක්වූ පියසිරි විජේනායක හිටපු මන්ත්‍රී වරයා ප්‍රකාශ කලේ මන්ත්‍රී විමල් විරවංශ මහතා කැබිනට් අමාත්‍ය පදවියක් ලබා ලැබුනේ නම් රජය සමග එක් වීමේ කැමැත්තෙන් සිටි බවයි,

එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් මාධ්‍ය වාර්තා කල වීඩියෝ පහතින් නරබන්න…

“මේ රටේ උගතුන් ,බුද්ධිමතුන්,බහුශ්‍රැතයින්,විද්‍යාඥයින් මෙන්ම පඩිවරුන් සිටිනා අතර මේ රට කුඩා වුවද ස්වාභාවික සම්පත්වලින් අනුන වූ මහා සම්පත් ඇති රටකි.ඒ සියල්ල සමගින් මේ රට ගොඩනැගීමට නොහැක්කේ මන්ද?මේ රට ගොඩනැගීමට නොහැකි දුෂිත දේශපාලඥයින් නිසාවෙනි.ඔවුන් දේශපාලනයට පැමිණ මහජන මුදල් ගසාකෑම නිසාවෙනි.දේශපාලන සංස්කෘතිය සම්පුර්ණයෙන් පරිහානියට පත්වන සංස්කෘතියක් නිසාවෙනි.සමහරුන් වේදිකාවල මම ජනාධිපති ධුරයෙන් සමුගන්නේ කවදාද යන වග ප්‍රශ්න කරන අතර මම සමුගන්නා දවස ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නෙමි.මම ජනාධිපති ධුරයෙන් සමුගන්නේ මේ රටේ දූෂිත දේශපාලනඥයන් සියල්ල අතුගා දමා ඔවුන්ට නිසි දඬුවම් ලබා දී පිරිසිඳු රාජ්‍ය පාලනයක් ඇති කල පසුවයි.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය.

මෙලෙස ජනාධිපතිතුමන් ප්‍රකාශ කරනු ලැබුවේ අද (18) පස්වරුවේ කොස්ගම ඩැනී විජේසුන්දර ක්‍රිඩාංගණයේදී පැවැති පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සීතාවකපුර නගර සභාවට සහ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ මහා ජන රැළියක් අමතමිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top