Local

කැලණිවැලි දුම්රිය මග රත්නපුරට දික්වෙයි – පුද්ගලික අංශයත් ව්‍යාපෘතියට එක්වෙයි

කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ඊට පුද්ගලික අංශයේද දායකත්වය ලබා ගැනීමයි. ඒ අනුව පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගෙන ඉදි කරනු ලබන පළමු දුම්රිය මඟ බවට රත්නපුර දක්වා දුම්රිය මග පත්වනු ඇති.

මේ දීර්ඝ කිරීමේ කටයුතුවලදී කොළඹ හා අවිස්සාවේල්ල අතර තීව්‍ර වංගු තුනක් ඍජු කිරීමට නියමිතයි. කැලණිවැලි මාර්ගය දෙපස අනවසර ඉඳිකිරීම් සියල්ල ඉවත් කිරීමටද මේ හරහා නියමිත වන අතර කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලෙන් ඔබ්බට අලුතින්ම ඉදිකිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top