Political

කී දේ නෑසූ රනිල්ට සහ මහින්දට නරක ප්‍රතිඵල – මිහින් ලංකා ශ්‍රී ලංකන් වංචා හොයන කොමිසමත් අද රෑ ගැසට් වෙයි! (EXCLUSIVE)

තමන් කියූ දේ පිළිනොගැනීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද නරක ප‍්‍රතිඵල ලැබී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම පිණිස අද පඬුවස්නුවර පැවැත් වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදීයි.

“මහින්ද රාජපක්ෂ මහත්තයට මම කිව්ව තුන්වෙනිවර ජනාධිපතිවරණයට ඉල්ලන් එපා කියල. ඇහුවේ නැහැ. ඒ නිසා එතුමා අද පාරාජිත අපේක්ෂකයෙක් වෙලා ඉන්නව. රනිල් වික්‍රමසිංහ මහත්තයට මම කිව්ව රවී කරුණානායකට මුදල් ඇමතිකම දෙන්න එපා කියල. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්න එපා කිව්ව. අහුවේ නැහැ. ඒ නිසා අද ඒ අයට දූෂණ චෝදනා එල්ල වෙනවා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ පසුගිය රජය සමයේ සිදුවූ අක්‍රමිකතා සහ දුෂණ වංචා සෙවීමට අදාළ විශේෂ ජනාධිපති කොමිසන් සභාව අද රාත්‍රියේ ගැසට් කරන බවයි. ඒ සඳහා විනිසුරුවරුන් මේ වනවිටත් පත් කර අවසාන බව ජනාධිපතිතුමා සඳහන් කළා. මේ හොරකම කරපු හැටි සහ කරපු අය ගැන දන්නා අය දන්නා බව පැවසු ජනාධිපතිවරයා මේ කොමිසම හරහා ඒ හොරු රටටම අනාවරණය කරන බව කියා සිටියා…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top