Sports

“කොල්ලනේ අපිට පුලුවන්, කුසලානය අරන් එන්න” දෙවන ටෙස්ට් තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි, රසල් ආර්නෝල්ගෙන් කණ්ඩායමට පණිවිඩයක් .!

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය මේ දිනවල ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අද තරගයේ අවසන හා තීරණාත්මක දිනයයි.

තරගයේ සිවුවැනි දිනයට ඊ‍යේ (9 වැනිදා) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 317 ක ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටියා. අද (10 වැනිදා) තරගයේ අවසන් දිනය වන අතර තරගය ජයගැනීමට නම් පාකිස්තාන කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 119 ක් රැස්කළ යුතුය. ඒ සඳහා ඔවුන් සතුව කඩුලු 5 ක් පවති.

කෙසේ වෙතත් ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු අඩියකට පත්ව තිබූ පාකිස්තාන ඉනිමට නව ජවයක් ලබාදුන් අසාද් ෂෆීක් (නොදැවී 86) සහ නායක සෆ්රාස් අහමඞ් (නොදැවී 57) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ අතර මෙම සබදතාවය ශ්‍රී ලංකාවේ ජයග්‍රහන බලාපොරොත්තුව කෙමින් කෙමින් බිද දමන්නට වූවා.

අදට තරගය ආරම්භ වූ පසු පළමු පන්දු වාර පහ අතිශය තීරණාත්මක වන අතර විස්වාසයෙන් පන්දුවට පහර දෙන මෙම පිතිකරුන් දෙදෙනාගෙන් එක් පිතිකරුවෙක් හෝ මුල් පන්දුවාර පහ තුලදි දවා නොගන්නේ නම් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලි ජය සිහිනයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව විචාරක මතයයි.

මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරනා රසල් ආර්නෝල්ඩ් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිරිමත් කර තිබෙනවා. ඔහු පවසන්නේ ලකුණු 119 විශාල ලකුණක් බවත් මෙම තරගය අපගේ කණ්ඩායමට ජය ගත හැකි බවත්ය. එම නිසා තමන් මේ අවස්තාවේ කණ්ඩායම දිරිමත් කරන බව රසල් පවසනවා.

රසල් ගේ ට්විටර් පණිවිඩය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top