Sports

කෝලි, ධාවාන් ඇතුළු මුල් කඩුලු තුනම සුරංග ලක්මාල් ඩැහැගනී (Photos)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

තණතීරුවේ තණකොළ බහුලව තිබිමත් තණතීරුව වසා තිබීමත් හේතුවෙන් තෙතමනය රඳා පැවතීම නිසා පන්දු යැවීමට තීරණය කළ බව කාසිය වාසිය දිනාගත් පසු දිනේෂ් චන්දිමාල් පැවසීය.

එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේදී පාකිස්තානය සමගින් පැවැති තරගාවලිය හොදින් අවසන් කිරීමට හැකිවූ බවත් මෙම තරගාවලියද හොදින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නායකයා පැවසීය. පිතිකරුවන් හයදෙනෙක්, පන්දු යවන්නන් සිවුදෙනෙකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

කාසියේ වාසිය දිනාගත්තේනම් තම කණ්ඩායමද පළමුව පන්දු යැවිමට බලාපොරොත්තු වෙන් සිටි බව ඉන්දිය කණ්ඩායමේ නායක විරාට් කෝලී පැවසීය.

අහස වළාකුළු වලින් බරව පැවතියද හොදින් පන්දුවට පහරදෙමින් මෙම අභියෝගයට මුහුණදීමට තමන් සුදානම් බවත් තත්ත්වය හිතන තරම් භයානක නොමැති බවත් කෝලී වැඩිදුරටත් පැවසීය. පිතිකරුවන් පස් දෙනෙකු සමගින් කඩුලු රකින්නා වශයෙන් රිදීමන් සහාද තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස අශ්වින් සහ ජදේජාද පන්දු යවන්නන් ලෙස ශාමී, උමේෂ් සහ බුවනේෂ්ර් කුමාර්ද යොදා ගන්නා බව කෝලී පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top