Sports

කෞෂාල්ට නැතිවුණ තැන යොවුන් පිතිකරුවෙකුට…ඉන්දියාවේදී දිමුත්ගේ සගයා වෙන්නේ කවුද? – ‘‘ඔහුව ඉන්දියාවට ගෙනිහිල්ලා බංකුවේ තියන්න ඕන නෑ‘‘.. තේරීම් කමිටු සභාපති කතා කරයි

ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ ආරම්භක පිතිකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් “ඒ” කණ්ඩායම සමගින් හොඳින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකුට ලබා දීමට තීරණය වී ඇති බව වාර්තා වනවා.

ඒ යොවුන් පිතිකරු ධනංජය ද සිල්වායි.

“ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා “ඒ” කණ්‌ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව්හීදි හොඳින් ලකුණු අතරට පැමිණියා… ඔහුට ආරම්භක පිතිකරු හෝ අංක තුන ස්‌ථානය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.” යැයි තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රොයි පවසයි.

නිත්‍ය ආරම්භක පිතිකරුවකු ලෙස පාකිස්‌තානය සමග ටෙස්‌ට්‌ තරගාවලියේදී ක්‍රීඩා කළ කෞෂාල් සිල්වා කණ්‌ඩායමෙන් ඉවත් කිරීම හේතුවෙන් ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරු ස්‌ථානයේ ක්‍රීඩා කරවීමට වැඩි අවස්‌ථාවක්‌ ඇති අතර අංක තුන ස්‌ථානය ළහිරු තිරිමාන්නට හෝ සධීර සමරවික්‍රමට ලබාදීමට නියමිතව තිබේ.

මේ අතර කුසල් මෙන්ඩිස්‌ව ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ මෙවැනි අදහසකි, “අපිට කුසල් මෙන්ඩිස්‌ගේ මානසිකත්වය නැති කරන්න අවශ්‍යතාවක්‌ නැහැ. ඔහුව ඉන්දියාවට ගෙනිහිල්ලා බංකුවේ තියනවාට වැඩිය දේශීය තරගවලට ක්‍රීඩා කරලා නැවතත් විශ්වාසය දිනා ගන්න අවස්‌ථාව දීලා තියෙනවා. ඔහු ඉදිරි අවුරුදු දහය ක්‍රීඩා කරවීම සඳහා සැලසුම් සකස්‌ කර තියෙනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top