Sports

කෞෂාල් සිල්වාගෙන් කලකට පසු නොදැවුණු යෝධ ඉනිමක් (Photos)

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ බ්ලූම්ෆිල්ඞ් සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆිල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අද (24 වැනිදා) අවසන් වූ අතර පළමු ඉනිමේ ජය එස්.එස්.සී. පිලට හිමි විය.

දෙවැනි දිනයවූ ඊයේ තරගය නිමාවනවිට නොදැවී ලකුණු 175 ක් රැස්කරගෙන සිටි කෞෂාල් සිල්වා අද ද්විත්ව ශතකය (නොදැවී 202) වාර්තා කිරීමට සමත්විය. පන්දු 289 කදී වාර්තාවූ කෞෂාල් සිල්වාගේ ද්විත්ව ශතකය හයේ පහර දෙකකින් සහ හතරේ පහර 17 කින් අලංකාර විය.

එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක ලකුණු 161 කට කඩුලු 9 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

අද අවසන්වූ අනෙක් තරගවලදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සී.සී.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් සමත්වූ අතර ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

සී.සී.සී. පිලේ වනිඳු හසරංග කෝල්ට්ස් පිලට එරෙහිව ශතකයක් සහ කෝල්ට් දෙවැනි ඉනිමේදි කඩුලු 8 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් පෑමට සමත්විය. එන්.සී.සී. පිලේ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 129 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

මෙම සති අන්තයේ අවසන්වූ තරග වලදී එස්.එස්.සී. පිලේ කෞෂාල් සිල්වා (නොදැවී 202) ද්විත්ව ශතකයක්ද, එස්.එස්.සී. පිලේ දිමුත් කරුණාරත්න (143), බ්ලූම්ෆිල්ඞ් පිලේ නිපුන් කරුණානායක (122), සී.සී.සී. පිලේ වනිඳු හසරංග (120) සහ මාධව වර්ණපුර (111), බී.ආර්.සී. පිලේ දේශාන් ඩයස් (105), එන්.සී.සී. පිලේ ඇන්ජලෝ පෙරේරා (104), ද්‍රවිඩ සංගම් පිලේ මනෝජ් සරත්චන්ද්‍ර (නොදැවී 119), සහ රාගම පිලේ ජනිත් ලියනගේ (130) ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

එස්.එස්.සී. පිලේ සචිත්‍ර සේනානායක (82/7), සී.සී.සී. පිලේ වනිඳු හසරංග (26/8), කෝල්ට් පිලේ කවීෂ්ක අංජුල (60/5), එන්.සී.සී. පිලේ ලසිත් ඇඹුල්දෙණිය (59/6), ද්‍රවිඩ සංගම් පිලේ දමිත සිල්වා (82/5), සැරසන්ස් පිලේ මොහොමඞ් ඩිල්ශාඞ් (75/5) සහ රාගම පිලේ සහන් නානායක්කාර (51/5) කඩුලු 5 බැගින් දවාගනිමින් මෙම සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

බ්ලූම්ෆිල්ඞ් – පළමු ඉනිම – ඕවර 83.4 කදී සියලුදෙනා දැවී ලකුණු 263
(ළහිරු ජයකොඩි 86, අදීෂ නානායක්කාර 23, නිපුන් හග්ගල්ල 25, ළහිරු සමරකෝන් 34, සචිත්‍ර සේනානායක 82/7, කසුන් මදුශංක 43/2)

එස්.එස්.සී. – පළමු ඉනිම – ඕවර 96 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 464
(දිමුත් කරුණාරත්න 143, කෞෂාල් සිල්වා නොදැවී 202, ශම්මු අශාන් 66, මිලින්ද සිරිවර්ධන නොදැවී 28, නිපුන් කරුණානායක 59/2)

බ්ලූම්ෆිල්ඞ් – දෙවැනි ඉනිම – ඕවර 74 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 277
(නිපුන් කරුණානායක 122, නිසල් ෆ්‍රැන්සිස්කෝ 61, අදීෂ නානායක්කාර නොදැවී 57, සචිත්‍ර සේනානායක 79/2)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top