Local

ගණිත අංශයෙන් ප්‍රථමයා වූ, දිවියෙන් සමුගත් පාසල් සිසුවියගේ සංවේදී කතාව (Photos)

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ වවුනියාවෙන් ඇසෙන සංවේදී කතාවක් අපට වාර්තා වූවා.

ඒ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක් තමන් දිස්ත්‍රික්කයේ පළමු තැන හිමිකරගත් ප්‍රතිඵලය ලැබෙන විට සියල්ලන් හඬවමින් මෙලොවින් සමුගෙන තිබීමයි.

ඇය මියගොස් ඇත්තේ කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මහව – සිංහාරගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින්.

ඔවුන් ගමන් ගත් කැබ් රථය මාර්ගය අසළ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කැබ් රථයේ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බවට සැක කෙරෙනවා.

සත්‍යනාදන් ශිවදුර්ගා නම් මෙම සිසුවිය අධ්‍යාපනය ලබා ඇත්තේ වව්නියාව රම්බෙයිකුලම් කාන්තා විද්‍යාලයෙන්.

ඔක්තෝබර් මාසයේ 11වනදා සිදුවූ මෙම රිය අනතුරින් ඇයගේ ඥාති වෛද්‍යවරියක් සහ තවත් අයෙක් මියගියා.

කෙසේ වෙතත් අද උදෑසන නිකුත් වූ 2016 වසරේ උසස්පෙළ ප්‍රතිඵල වලට අනුව ඇය වව්නියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇති බවටයි වාර්තා වන්නේ.

උපුටා ගැනීම : www.hirunews.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top