Local

ගර්භාශයේ පිළිකා සුවකරන්න බකිනි ගහෙන් ඔසුවක්

කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 වැනි ශේ්‍රණියේ රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා නේපාලයේ කත්මන්ඩු නුවර පසුගිය 01 වැනිදා සිට 05 වැනිදා තෙක් නේපාලයේ ටි්‍රබුවාන් විශ්වවිද්‍යාලයේ පැවැති හය වැනි ආසියා පැසිෆික් තරුණ විද්‍යා සමුළුවේදී ඉදිරිපත් කළ පර්යේෂණ සඳහා ජීව විද්‍යා අංශයෙන් රිදී පදක්කමක් දිනාගනිමින් ලංකාවට මහත් ගෞරවයක් ගෙන දෙන ලදී.

බකිනි ගසේ පලතුරු මදයෙන් නිස්සාරණය කරගන්නා ලද සුවිශේෂී වූ රසායනික සංඝටකයකට රසායනික මුසුවක් මඟින් ගර්භාශපිළිකා ප්‍රභේදයක් සුවකර ගැනීමට හැකි බව රසායනාගාර පර්යේෂණ මඟින් තහවුරු කරගැනීම වෙනුවෙන් මෙම සමුළුවට ඉදිරිපත් වුණු තරුණ විද්‍යාඥයන් 200ක් අතරින් රකිඳු මෙම රිදී පදක්කම හිමිකරගන්නා ලදී.

නාලන්දා විදුහලේ රකිඳු රන්දිව් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ජර්මනියේ සටුට්ගාට්හි පැවැති 24 වැනි තරුණ විද්‍යාඥ සමුළුවේදී ලොව ළාබාලතම තරුණ විද්‍යාඥයා ලෙස රිදී පදක්කමක්ද පසුගිය ජූලි මාසයේදී මැලේසියාවේ ක්වාලාලම්පූර්වල පැවැති තරුණ විද්‍යාඥ සමුළුවේදී රිදී පදක්කමක්ද දිනාගන්නා ලදී. ඒ අනුව මෙම වසර තුළදී නාලන්දයේ මෙම විශිෂ්ට තරුණ විද්‍යාඥයා රිදී පදක්කම් 03ක් දිනාගනිමින් ලංකාවට මහත් ගෞරවයක් ගෙන දෙන්නට සමත්ව ඇත.

රකිඳුගේ මෙම පර්යේෂණය සඳහා සහයෝගය දක්වමින් උපදේශකත්වය සහ අධීක්ෂණ කටයුතු සිදුකරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව රසායන අනුක ජීව හා ජෛව තාක්ෂණ විද්‍යා ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාටත් කැලුම් රත්නායක සහ නුවන්කා අබේසිංහ යන විද්‍යාඥයන්ටත් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, පන්ති භාර ගුරුතුමිය වන ප්‍රමිතා ගලප්පතිත්, පර්යේෂණ සංසදයේ ආචාර්ය උපේක්ෂා අබේසේකර යන මහත්ම මහත්මීන්ද මෙම සමුළුව සඳහා යෑමට ගුවන් ප්‍රවේශපත් ලබාදෙමින් මූල්‍ය දායකත්වය ලබාදුන් රේණුකා ජයසුන්දර මහත්මිය ඇතුළු සහාය දැක්වූ සියලු දෙනාටත් නිරන්තරයෙන් මේ සඳහා සහයෝගය දැක්වූ වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥයන් ලෙස කටයුතු කරන කීර්ති වික්‍රමරත්න පියාට සහ ජීවනි ගුණසේකර වන මවටත් රකිඳු ස්තුතිය පුදකර සිටියි.

දිගාමඬුල්ල – හෂිනි සචින්තා ඉඳුවරි – www.mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top