World

ගුරුවරයාගේ නම හඳුනාගෙන අදාළ රූපය යටින් ඉරක් අදින්න – නිවැරදි පිළිතුරට ලකුණු නෑ – පිළිතුර වැදුනොත් ලකුණ 41 ක් අඩු කරන චීන විභාගයකට ආව අමුතුම ප්‍රශ්නය (Photos)

චීනයේ වෘත්තීය අධ්‍යාපන ආයතනයක අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබූ ප්‍රශ්නයක් පිළිබදව ප්‍රබල සංවාදයක් මතු වී තිබේ. ශිෂ්‍යයන්ට සිය ගුරුවරයා හඳුනා ගත හැකිද? යන්න එම අසාමාන්‍ය ප්‍රශ්නයයි.

චීනයේ සංස්කෘතික සහ සන්නිවේදනය පිළිබඳ සිෂුආන් වෘත්තීය අධ්‍යාපන ආයතනයේ’ අවසාන විභාගය අතරතුර පුද්ගලයන් හත් දෙනෙකුගේ ඡායාරූප සිසුන් අතර බෙදා හැර තිබේ.

එම ඡායාරූප අතරින් සිය ගුරුවරයා හඳුනාගෙන ඔහු හෝ ඇයගේ නම අදාළ ඡායාරූපය යටින් සඳහන් කරන මෙන් සිසුන්ගෙන් ඉල්ලා තිබිණ. නිවැරදි පිළිතුර දුන් සිසුන්ට අමතර ලකුණු නොලැබුන ද, වැරදි පිළිතුර දුන් සිසුන්ගේ ලකුණුවලින් ලකුණු 41 ක් අඩු කර තිබේ.

සිසුවෙකුගේ අවසාන ලකුණු ප්‍රතිශතයට මෙම හඳුනාගැනීමේ පරීක්ෂණයෙන් 30% ක ප්‍රමාණයක් එකතු වන බව ‘චයිනා ඩේලි’ (China Daily) පුවත්පත වාර්තා කර තිබේ.

එම විද්‍යාලයේ ගුරුවරයෙකු වන හු ටෙන්ග් බෙයිජිං හි බීටයිම් (BTime) මාධ්‍ය ආයතනය වෙත පවසා සිටියේ එවැනි ප්‍රශ්නයක් විභාගයට ඇතුළත් කරන ලද පළමු අවස්ථාව මෙය බවය. වැඩි දුරටත් අදහස් දැක්වූ ටෙන්ග් බෙයිජිං

“මෙහි මූලික අරමුණ වුණේ ඉගෙන ගැනීම ගැන සිසුන්ගේ සාමාන්‍ය මතය දැනගැනීමයි “අපිට ඕන වුණේ සිසුන් පංතියේදී හොඳින් වැඩ කර ඇත්ද බලන්න….සහ ඔවුන් සියලු දේ ගැන අවධානය යොමු කර ඇත්දැයි බලන්න,” හු ටෙන්ග් පැවසුවේය. ඔවුන්ට තම ගුරුවරයාගේ නමවත් මතක නැත්නම්, පැහැදිළිවම ඔවුන්ට විෂය මාලාව ගැන උනන්දුවක් නැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ පිළිබඳව චීන සමාජ ජාල තුළ ද සංවාදයක් මතු වී තිබේ.

ඇතැමුන් එය අනවශ්‍ය දෙයක් ලෙස අදහස් දක්වා තිබුනත්, විද්‍යාලයේ මෙම තීරණයට පක්ෂව බොහෝ මත ඉදිරිපත් වී තිබේ. “පුද්ගලයෙකුගේ නම මතකයේ තබා ගැනීම ගෞරව කිරීමක්,” යන්න එක් අයෙකුගේ මතය වී තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top