Sports

චන්දිමාල්ගේ වාර්ථාව සමග ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක හඹායෑමක (Photos)

ඉන්දියාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනයේ (4 වැනිදා) තේ පානය සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා තවත් ලකුණු 266 ක් පසුපසින් සිටියි.

තේ පානය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 98 ක්ද, සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 4 ක්ද ලබා ලබා කඩුල්ලේ රැදී සිටියහ. චන්දිමාල් පිට පිටම ලබාගත් තෙවැනි අර්ධ ශතකය මෙය වන අතර ඊට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

දෙවැනි දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 131 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ තේ පානයට පෙර සිය පළමු ඉනිමට තවත් ලකුණු 135 ක් එක් කරගත් අතර එහිදී ඉන්දීය පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් (111) සමග එක්ව ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චන්දිමාල් සමත් වූ අතර රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ රිධිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමින් මැතිව්ස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමිවට පත්විය.

Sri Lanka team captain and batsman Dinesh Chandimal (R) plays a shot as Indian wicketkeeper Wriddhiman Saha looks on during the third day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 4, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අටවැනි වැනි ටෙස්ට් ශතකය ලබාගත් මැතිව්ස්, එය දැවැන්ත හයේ පහර 2 කින් සහ හතරේ පහර 14 කින් අලංකාර කළේය. පන්දු 231 කදී මැතිව්ස් සිය ශතකය සම්පූර්ණ කළ අතර ශතකය කරා යෑමේදී ඔහු ලබා දුන් උඩ පන්දු 4 ක්ම ඉන්දීය පන්දු රකින්නන් අතින් ගිළිහීයෑම කැපී පෙනෙන සිදුවීමක් විය.

ලකුණු 98 ක් ලබා සිටියදී ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ දුන් පහසු උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි රෝහිත් ශර්මා අතින් ගිළිහීයෑම මැතිව්ස්ට ශතකය සඳහා මනා රැකුළක් විය. එය ඉන්දීය කණ්ඩායම නව පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව යැවූ පළමු ඕවරයේ පළමු පන්දුවද විය.

අද දිනයේදී රවින්ද්‍ර ජදේජාගේ පන්දු හමුවේ මැතිව්ස් ශතකය ලබාගැනීමට පෙර (ලකුණු 93 ක් ලබා සිටියදී) දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක රිධිමන් සාහා අතින්ද, ශතකය ලබාගැනීමේන් අනතුරුව (ලකුණු 104 ක් ලබා සිටියදී) දුන් උඩපන්දුවක් මිඞ් ඕෆ්හි පන්දු රකිමින් සිටි විජේ ශංකර් අතින්ද ගිළිහී ගියේය.

Sri Lanka team captain and batsman Dinesh Chandimal (R) plays a shot as Indian wicketkeeper Wriddhiman Saha looks on during the third day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 4, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

Sri Lanka team captain and batsman Dinesh Chandimal (R) and Angelo Mathews (L) runs between the wickets during the third day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 4, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top