Political

චාමරව දණ ගස්සන්න මෛත්‍රී සූදානම් – සුසිල්

විදුහල්පතිනියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් නිසි කිර්යාමාර්ග ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදුන් බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(20) පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන ඒ මහතා ‍වැඩිදුරටත් සඳහන් කළේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ එම ක්‍රියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තරයේ හෙළා දකින බවයි.

තවද එළබෙන සතිය තුල එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා එයින් මහ ඇමතිවරයා වරදකරු උවහොත් ප්‍රධාන අමාත්‍යධූරයෙන් පමණක් නොව පක්ෂයේ සාමාජිකත්වයෙන්ද ඔහුව නෙරපා හැරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා අනාවරණය කලේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top