Political

ජනපතිට මඩගහන්න සෙට් වුණු වෙබ් අඩවි 05 මාට්ටු (Video)

ජනමාධ්‍ය නිදහස යනු රටක අනාගතයට හා යහපාලනයට මාර්ගය විවර කරන ඉතා වටිනා කරුණකි. වර්තමානය වනවිට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය ඉහලට එමින් පවතින පසුබිමක මාධ්‍ය නිදහස වෙන කවරදාකටත් වඩා කතා බහ කරන මාතෘකාවක් වී හමාරය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ මාධ්‍ය නිදහසට තිබුණු අවකාශය අතීතය කොපමණද යන්න ඔබ අප සමාජ් ජාල පරිශීලකයන් හැටියට හොඳාකාරවම දනිමු. එදා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ක්‍රියාකාරීන් දේශපාලන බලවතුන්ගේ පදයට පිටින් යනවිට ඔවුන්ව ඝාතනය පවා කල අතර බොහෝ මාධ්‍ය කරුවන් රට පවා හැර යන්නට පාර කැපුනී.

ඒ අඳුරු අතීතයට තිත තබමින් යහපාලන රජය බලයට පත්වූ පසු මෙරට සියලු මාධ්‍ය ආයතන වලට මෙන්ම ජනතාවටද සමාජ් මාධ්‍ය තුල තම නිදහස් අදහස් රිසි සේ ප්‍රකාශ කිරීමට අසීමිත ලෙස අවස්තාව ලැබුණි. එය රටේ නායකයන්ට පවා එරෙහිව සමාජ් ජාල තුල පලවන ප්‍රචාර වලින් දකින්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක තම මතය නිදහස්ව දැරීමට අවකාශය රටවැසි සියලු දෙනාටම හිමිවේ නමුත් අපේ රටේ සමහරක් හැසිරෙන්නේ එම ලැබූ නිදහස වල්බුරු නිදහසක් බවට පත් කරගනිමින්ය.

මෙයට ආසන්නතම උදාහරණයක් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සංවිධායක වරයා හෙළිදරව් කරනු ලැබුවා ඔහු කියා සිටියේ වත්මන් ජනාධිපතවරයා ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් තම වංචා දුෂණ හෙළිදරව් වෙතැයි බියට පත්ව සිටින සමහර දුෂිත දේශපාලඥයින්ගේ න්‍යායපත්‍ර මත දේශපාලනමය මඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් එයට සම්බන්ධ සියලු දෙනාගේම නම් ගම ඉදිරියේදී හෙළි කිරීමට සුදානම් බවයි.

මෙම මෙහෙයුමට රටේ දේශපාලන ප්‍රභලයකුගේ සමීපතමයකු විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුමක්ද හෙළි වී ඇති අතර දේශීය හා විදේශ ගතව පවත්වාගෙන යන වෙබ් අඩවි කිහිපයක්ද එකතුව මේ ක්‍රියාදාමය සිදු කිරීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

මේ කුමන්ත්‍රණ සියල්ල රටට හෙළි කිරීමට අප සුදානමින් සිටින අතර සමාජ මාධ්‍ය ලෙසින් අපට පැවසීමට ඇත්තේ එක එක්කෙනාගේ කළු සල්ලි වලට සමාජ මාධ්‍ය මෙහෙයවීමට කොතරම් තැත් කලත් එය සාර්තක කර ගැනීමට නොහැකි වන්නේ අපේ රටේ ජනතාව දුෂිත දේශපාලකයන්ට වඩා බුද්ධිමත් වන නිසාවෙනි…

නලින් රණවීර මහතා සිදු කල ප්‍රකාශය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top