Political

ජනපති පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට (Photos)

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් අද (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.

සප්ත ස්වරයෙන් සුවහසක් රසික සිත් අමන්දානන්දයට පත්කළ අමරදේවයන් පිළිබද මතකය අවදි කරමින් එතුමා පරිහරණය කළ සංගීත භාණ්ඩයක් ද ජනාධිපතිතුමාගේ පිරික්සීමට ලක් විය.

අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

හද තත නිසළ මුුදු නොනිවී මිහිරි රසේ
මදනළ සමග පාවෙයි නිති සතර දෙසේ
ඔදතෙද අමර සරයෙහි පවසමුද කෙසේ
අදටත් හිනැහි හිනැහී අප අතර වෙසේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top