Political

ජනපති මැඳුර එකම දාන ශාලාවක් කල ජනපති මෛත්‍රී (Video/Photos)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ගරු එස්.ඩබ්ලිවි.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 118 වන ජන්ම දින සැමරුම සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසර දෙකක් සම්පූර්ණවීම හා රට ජාතිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට පිං පැමිණවීමත්, නියං සමය පහව ගොස් වැසි ජලයෙන් කෙත් වතු සරුසාර වන්නට ආශිර්වාද පළ කරමින් මහා සංඝගත දක්ෂිණාකවක් පසුගිය ජනවාරි 8 වන දින දහවල් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

දානමය පින්කම් කොතෙක් මෙරට පුරා විවධ ආකාරයෙන් පැවැත්වෙන නමුත් මෙහි ඇති සුවිශේෂී තාවය වන්නේ ජනපති කොළඹ ජනාධිපති මන්ධිරයට 2200කට අධික මහා සඟරුවන වැඩමවා ඉතිහාසයේ පෙර කවරදාකවත් එම මන්දිරය තුල සිදු නොවූ මහා දානමය පිංකමක් රටේ මුල් පුරවැසියාගේ මුලිකත්වයෙන් සිදු කිරීමයි. තවද බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ කිසිම ජන්ම දින සැමරුමක් මෙවන් ආකාරයේ උසස් අන්දමින් සිදු කරනවා අපට මතකයක් නැත.

මෛත්‍රී ජනපතිතුමන්ගේ පුර්ණ දායකත්වය හා මගපෙන්වීම මත මෙම උතුම් අවස්ථාවට තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුරෝගාමියාගේ ජන්ම දින සැමරුමට එම පක්ෂයේ ප්‍රධාන පෙලේ සාමාජිකයන් හා වර්තමාන මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් සහභාගී වීම සුවිසේෂි කරුණක් බවට පත්වන්නේ මීට පෙර වසර වල පසුගිය රාජ්‍ය පාලකයන් තමා ජයග්‍රහණයට පත්කළ ආදරණීය පක්ෂය හා එහි නිර්මාතෘ වරුන් අමතක කර දමා පක්ෂය තුල බණ්ඩාරනායක ප්‍රතිපත්ති පසෙකට දමා අමතක කොට දැමීමට ප්‍රයත්න දැරීම හේතුකොටගෙනය.

නමුත් රටේ පිනට රාජ්‍ය නායකයා ලෙසින් මහජනතාව විසින් පත්කරගනු ලැබූ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නැවත බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් අපේ රට සහ ශ්‍රී ලාංකීය ජාතිය ලෝකයේ උසස් තැනකට ගෙනයාමට කොතෙකුත් භාධක හමුවේ සාර්ථක ගමනක් යන මොහොතක තම නිර්මාතෘ වරයා හා තම අද්විතීය නායකයා වෙනුවෙන් මෙන්ම රට ජාතිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට පිං පැමිණවීමත්, නියං සමය පහව ගොස් වැසි ජලයෙන් කෙත් වතු සරුසාර වන්නට ආශිර්වාද පළ කරමින් සිදු කල මෙම මහා පිංකම බෞද්ධ ආගම හා සිංහල ජාතිය පිළිබඳව ජනපතිතුමන්ගේ ඇති ඇල්ම හා ගෞරවය මානව විදහා දක්වන්නකි.

මෙම උතුම් පිංකම වෙත මහා සංඝරත්නය නියෝජනය කරමින් අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛිනිකායික මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමාට, රජයට රටට සහ ජනතාවට ආශිර්වාද පළ කළ අතර රාජ මන්ධිරය පුරා සෙත් පිරිත් හඬ පතුරවමින් පුන්‍යකර්මය සාර්ථකව නිමාවට පත්විය.

මෙම දානමය පිංකම පිළිබඳව සැකසුන වීඩියෝ පටයක් හා චායාරුප පෙළක් පහතින් නරබන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top