Political

ජනපති මෛත්‍රී සංවේදී සැර ප්‍රකාශයකින් පසු එලියට යයි

අද උදෑසන පැවති කැබිනෙට් රැස්වීමට පැමිණි ජනාධිපතිවරයා පැය එකහාමාරක ඉතා සංවේදී සැර ප්‍රකාශයක් කරමින් ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් තිබේ. කතාව ආරම්භයේදී ජනාධිපතිතුමන් ජනවාරි 8 දේශපාලන විප්ලවය කිරීමට හේතුවූ කාරනා සහ එම මෙහෙයුම ඉතා දීර්ඝව පැහැදිලි කරදී ජීවිතය පරුදුවට තබමින් රාජපක්ෂ ආණ්ඩුවෙන් එලියට ආ සිද්ධි නැවතත් මතක් කරමින් යහපාලන රජයක් බිහි කිරීමට ජනතාවට දුන් පොරොන්දුව සියලු ඇමති වරුන්ට සිහිපත් කරමින් දින 100 ය ආණ්ඩුව තුලදී මහබැංකු වංචාව සිදුවූ බවත්, එය මේ රජයට ලොකු විශාල කැළලක් යන්නද ප්‍රකශ කරන ලදී.

පැවති රජය අන්ත දුෂිත නිසා ජනාධිපතිවරයා වූ වහාම රනිල් වික්‍රමසිංහ මහත්මා යටතේ පාර්ලිමේන්තුවේ අඩු බලයක් තිබියදී ආණ්ඩුවක් පිහිටුවීමට මම කටයුතු කළා. ආණ්ඩු බලයක් නැති වුනත් බොහෝ අයට මැති ඇමති තනතුරු ලැබුනා. එක්සත් ජාතික පක්ෂයට රටේ ජනාධිපතිවරයෙක් බිහිවූ ගමන්ම නිතරඟයෙන් අගමැතිවරයෙක් පත් කරගැනීමට හැකි වුනා. මහන්සියකින් තොරව ලබාගත්ත නිසා ඒ ආණ්ඩුවේ වටිනාකමක් කාටවත් දැනුනේ නැහැ. මහා බැංකුව හොරකම කලේ ඒ නිසයි. මට ගොඩක් දේවල් කියන්න පුළුවන්.

හැබැයි ඒවා දැන් වැඩක් නැහැ. මහා බැංකු වංචාව එලියට එනකොට මම හිටියේ නිව්යෝර්ක් නුවර. අගමැතිතුමාට දුරකථනයෙන් ප්‍රකාශ කලේ කොමිසමක් පත්කරන ලෙස. අගමැතිතුමා ඒ දේ කළා. හැබැයි ඒ කොමිසමෙන් ආවේ වැරදි වාර්තාවක්. ඒ නිසා මට කොමිසමක් පත්කරන්න සිද්ද වුනා. එකේ උත්තර අද ඇවිල්ලා තියනවා. හැබැයි මේ ආණ්ඩුවේ ඇයට අමතකයි බරපතල දුෂණ වංචා කොමිසමේ වාර්තා 34 ක් එලියට ඇවිත් තිබෙන බව.

ඒවා එකක්වත් මේ ආණ්ඩුවේ අය කතා කරන්නෙත් නැහැ. හැමෝම කතාකරන්නේ මහබැංකු වාර්තාව ගැන. දේශපාලන වාසි තකා මට කිසිම හොරෙක් දුෂිතයෙක් වංචා කාරයෙක් රකින්න බැහැ. ඒක මගෙන් වෙන්නෙත් නැහැ. එහෙම මාව ඒ තැනට තල්ලු කරන්න හදන්න නම් මන් මේ තනතුරේ ඉන්න ලෑස්ති නැහැ. අප පත්කරපු ජනාධිපති අපි චන්දෙට උදව් කරා කියලා කව්රුහරි දුෂණයට වංචාවට මගෙන් උදව් ඉල්ලනවා නම් ඒ වගේ එව්වා කරපු අය රකින්න කියනවා නම් ඒවා මගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

දුෂණ වංචා කරපු හැමෝටම නීතියෙන් මන් දඬුවම් දෙනවා. සංවිධානාත්මකව මට මඩ ගහන්න ලැහැස්ති වෙන්න එපා. මට මඩ ගහන්න එක එක්කෙනාව යොදවන්නත් එපා. මරික්කාර්, හරින්, සුජීව සේනසිංහ, කෑ ගහන්නේ මහබැංකුවෙන් හොරාකාපු හොරුන්ව මට රකින්න කියලද ? එකක් හොඳට මතක තියාගන්න, ජනතාවගේ මුදල් හොරාකාපු කිසිම මිනිහෙක් මම රකින්නේ නැහැ. කෝ අද හරින් ඉන්නවද ? හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා අද කැබිනට් රැස්වීමට සහභාගී වී හිටියේ නැහැ.

මේ වගේ දුෂිතයන්ට විරුද්ධව මම වැඩක් කරගෙන යන කොට කැබිනට් ඇමතිවරුන්ව රටේ ජනාධ්පතිවරයට විරුද්ධ වෙනවා නම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා. ලංකාවේ කිසිම දවසක කැබිනට් ඇමතිවරු ජනාධිපතිවරයාට මෙහෙම කතා කරලා නැහැ. හැමෝම මතක තියාගන්න ඕන මම මේ රටේ ජනාධිපති. මම වගකියන්නේ රටේ ජනතාවට. අපි පත් කරපු ජනාධිපති කියලා හොරු රකින්න මට කියන්න ලෑස්ති වෙන්න එපා කව්රුත්. තරුණ මන්ත්‍රීවරුන්ට මම කියන්නේ දේශපාලනයේ ගොඩාක් දුර ගමනක් යන්න තියනවා, කෙටි පාරවල් හොයන්න පුරුදු වෙනවා. මම තනතුරුවලට ආස කෙනෙක් නෙවෙයි.

හොරුන් රකින අනිත් අයගේ තනතුරුත් මම රකින්න සුදානම් නැහැ. දුෂණයට වංචාවට එරහිව රටේ මිනිස්සු වෙනුවෙන් මං මේ කරන දේට ආණ්ඩුවේ මිනිස්සු මට මඩ ගහන්න, අපහාස කරන්න ලෑස්ති නම් එක්කෝ ඒ මිනිස්සු මේ ආණ්ඩුව කරන්න, නැත්තම් මන් මේ ආණ්ඩුව කරන්න ඕන. හැමෝටම ඕන දුශිතයෝ රකින්න නම් මන් මෙතනින් නැගිටලා යනවා ප්‍රකශ කරමින් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් සිය කාර්යාලයට නික්ම ගියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top