Political

ජනපති හෙලිකරපු මයිලෝ පැකට්ටුවේ හොරය මෙන්න (Video)

අද ලෝකයේ බොහෝ දෙනා ගොදුරු වන බෝ නොවන රෝග අතරින් ප‍්‍රධාන රෝගයක් වන දියවැඩියා රෝගය පාලනය කිරීම සදහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් අද (12) පෙරවරුවේ කොළඹ ගාලූ මුවදොර පිටියේදී සංවිධානය කර තිබූ ජාතික දියවැඩියා දින පා ගමනට එක් වෙමිනි.

දියවැඩියාව පිළිබද ජනතාව දැනුවත් කිරීම සහ එය වළක්වා ගැනීම පිළිබද දැනුවත් කිරීමේ අරමුණින් දියවැඩියා මාසයක් නම් කර දිවයින පුරා සියලූ රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩවල සහභාගිත්වයෙන් එම මාසය තුළ දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කළේය.

එමෙන්ම විවිධ සමාගම් විසින් වෙළෙද පොළට නිකුත් කරන කිරි පැකට්වල අන්තර්ගත සීනි ප‍්‍රමාණය ප‍්‍රදර්ශනය කිරීම සහ පසුගිය අයවැයෙන් තීන්දු කළ පැනි බීම බද්ධ ඊට අදාළව කි‍්‍රයාත්මක වීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර මෙවන් නිෂ්පාදන පිළිබද අදාළ තීන්දු තීරණ ගැනීමට තමා ඉදිරියේ දී දැඩිව කටයුතු කරන බව ද අවධාරණය කළේය.එහිදී ජනාධිපතිවරයා විසින් වෙලදපොලේ ඇති මයිලෝ කිරි පැකට්ටුවක් පෙන්වමින් සදහන් කලේ තමන් 2013 වසරේදී මෙම කර්මාන්ත ශාලාවේදී නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී එම කිරි පැකට්ටුවේ ඇති සිනි ප්‍රමාණය පිළිබද අසු විට එහි නිලධාරින් එම පැකට්ටුවේ සිනි 15 %ක් ඇති බවත් සදහන් කල බවය.නමුත් දැන් එම මයිලෝ පැකට්ටුවේ සීනි ප්‍රමාණය 16.5 % ක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සිනි ප්‍රමාණය එම පැකට්ටුවේ සදහන් කර නොමැති බවද එහිදී පෙන්වා දුන්නේය.

තමන් සමග සිගරට් සමාගම් සහ අරක්කු සමාගම් අමනාප බවත් මෙවැනි කිරිපිටි සමාගම්ද මින් පසු තමන් සමග තරහා වුවාට කමක් නැති බවත් ඇත්ත කතා කලයුතු බවත් ජනාධිපතිතුමා විසින් එහිදී අවධාරණය කළේය.(ජනාධිපතිතුමා විසින් කල කතාවේ වීඩියෝව මෙම පුවත අවසානයේ ඇත )

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග කාර්යාංශය, ශ‍්‍රී ලංකා දියවැඩියා සම්මේලනය සහ ශ‍්‍රී ලංකා දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් මෙම පා ගමන සංවිධානය කර තිබුණි.

ජාතික දියවැඩියා දිනය වෙනුවෙන් සම්පාදනය කරන ලද ආරෝග්‍යා සගරාව ද මෙහිදී වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

අමාත්‍ය රාජිත සේනාරත්න, පොලිස්පති පූජිත ජයසුන්දර, දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් කටුලන්ද, ශ‍්‍රී ලංකා දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක වන මහත්වරන් වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top