Political

ජනාධිපති නියෝගයෙන් අමායා ලේක් හෝටලයේ 31 රෑ මල්වෙඩි සංදර්ශනය නවතියි..! – ජලජ ජීවින් හා කුරුල්ලන් මහා විනාශයකින් ගැලවෙයි..!

ලබන්නාවූ නව අවුරුදු සැමරීම ඉලක්ක කරගනිමින්, 31 රාත්‍රියේ (හෙට රෑ) දඹුල්ල, කණ්ඩලම කැප් ඇල හී පිහිටි අමායා ලේක් හෝටලයේ පැවැත්වීමට ගිය මල් වෙඩි සංදර්ශනය වහාම නවත්වන ලෙසට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉංජිනේරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ (විදුලි ) මහත්වරු විසින් අදාල හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කර ඇත.

කණ්ඩලමේ වැව් දියට විෂ රසායන මුසු වීමත්,ජලජ ජීවීන්ට සිදුවන හානියත්, රාත්‍රීයේ සිදුකරන මෙම ක්‍රියාකාරකම් නිසා ජලාශ්‍රිත පක්ෂීන් ගේ නිවාස හා කැදලි වලට සිදුවන හානියත්,සංචාරක පක්ෂීන්ගේ අභිජනන සමයත් නිසා සිදුවන හානිය පිළිබඳව දිගින් දිගටම පරිසරවේදීන් කරුණු වාර්තා කිරීමත් සමග මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කොට වගකිවයුතු අංශ දැනුවත් කොටයි මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ.

මෙම මල්වෙඩි සංදර්ශනය නිසා වැව් තාවුල්ලට හා ඒ අවට පරිසරයට විශාල හානියක් සිදුවන බවද එම නියෝග නොපිලිපදින්නේ නම් ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් එම මහතා යොමු කල ලිපියෙහි දැක්වෙනවා.

මේ පිළිබඳව අවධානය යොමුකල ගරු ජනාධිපතිතුමාට සහ මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (විදුලි ) එච්.එම්.එල්.ආර් හේරත් සහ එම නිලධාරීන්ට, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ මධ්‍යම පළාත් භාර එම නිලධාරීන්, වනජීවී අධ්‍යක්ශ ජනරාල් සහ එම නිලධාරීන්ට සහ මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒකනායක යන මහත්වරුන්ටද අපගේ ස්තූතිය හිමිවෙනවා.

සිදුවීමට යන මෙම විශාල පරිසර හානීය පිළිබඳව පරිසරවේදීන් හා එකට එක්ව අපේ රට වෙබ් අඩවිය කරුණු වාර්තා කිරීමත් සමග සමාජයේ මේ පිළිබඳ අවධාය යොමු වූ බවයි පරිසරවේදීන් අපිට ප්‍රකාශ කර සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top