Political

ජනාධිපති මෛත්‍රීගේ නව අවුරුද්දේ පළමු රාජකාරිය ලෙස ත්‍රිවිධ හමුදාවේ සැප දුක් අහන්න යාපනේ යයි..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන වසරේ ජනවාරි 04 වැනිදා යාපනයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද කැඳවීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව යාපනය පලාලි යුද හමුදා කඳවුරේදී මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත අතර එහිදී ත්‍රිවිධ හමුදාව ඇමතීමට සූදානම් බව වාර්තා වේ.

එම විශේෂ ප්‍රකාශය සිදුකරන දිනයේදී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද කැඳවා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම විශේෂ ප්‍රකාශය හරහා ජනධිපතිවරයා රට වෙනුවෙන් සිදුකරන ක්‍රියදාමය ගැන පැහැදිලි කිරීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top