Political

ජනාධිපති මෛත්‍රී 2021තෙක් බලයේ සිටිය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි..!

තමාට 2021 වසර දක්වා ජනපතිධුරයේ කටයුතු කළ හැකි දැයි යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇතිබව වාර්තාවෙයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වන අතර ඒ අනුව වත්මන් ජනපතිවරයාගේ ධුර කාලයද 2020 වසරෙන් පසුව අවසන් වන බවට මේ වනවිට ගැටලුවක් මතුව තිබේ.

නමුත් 19 වැනි සංශෝධනයට පෙරාතුව ජනපතිවරගේ ධුර කාලය වසර හයක් වූ අතර ජනපතිවරයාගේ අදාළ විමසීම සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී විවාදයට ගැනීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගෙන් ජනපතිවරයා විමසා ඇත්තේ තමා ජනපති ලෙස 2015 වසරේ ජනවාරි 9 දා පත්වූයේ ව්‍යවස්ථාවේ 32(01) වගන්තිය යටතේ බවත් එතැන් පටන් තමන්ට වසර හයක් ජනපති ධුරයේ කටයුතු කළ හැකිදැයි යනුවෙනි.

මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස ජනවාරි 14 දා හෝ ඊට ප්‍රථමව දැනුම් දෙන ලෙස ජනපතිවරයා දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විවෘත අධිකරණයේදී බ්‍රහස්පතින්දා විවාද කරීමට නියමිත අතර නීතිඥ සංගමයේ මතය 11 දා පෙව. 11.00ට පෙර දන්වන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකඛාධිකාරී නීතිඥ සංගමයෙන් ඉල්ලා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම දෙවැනි ධූර කාලය සඳහාද ජනතා මතය විමවීමට මෙයින් සූදානම් වන බවයි දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ..

දැනට ජාතික නායකයෙක් රට තුළ නොමැති වීමත් 2015 ජනවාරි 8 වෙනිදා ලැබූ ජයග්‍රහණයත් සමග රට තුල සිදු කිරීමට නියමිත වූ දේශපාලන,සමාජ හා ආර්ථික පෙරළිය සඳහා එම දෙවෙනි ධූර කාලයත් යොදා ගනු ඇති බවටයි දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ..

එහෙත් මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම ඉතිරිව තිබෙන ධූර කාලය තුළ ඊට අවශ්‍ය කරන වටපිටාවක් ගොඩ නගා ගත යුතු බවත් විශේෂයෙන්ම තරුණ පරපුර සහ 2015 දී පොදු අපේක්ෂකයාට තම කැමැත්ත පළ කල පාවේන ඡන්ද දායකයන් අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබන්ද වූ විශ්වාසයේ යම් බිඳ වැටීමක් තිබෙන බවත් ඔවුන් සඳහන් කරනවා.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයන් තුළ තව දුරටත් මෙම යහපාලනවාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබන්දව විශ්වාසයක් පවතින බවට ගම්‍ය වී තිබෙන බවත් සඳහන්.

විශේෂයෙන් බැංදුම්කර වංචාවත් සමග එක්සත් ජාතික පක්ෂයේ දෙදරවීමක් පක්ෂයෙන් පිට ජනතාව හා පක්ෂය තුළ දක්නට ලැබෙන බවත් ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිහ්ඩරව් කිරීම සෑහෙන්න බලපෑ බවත් ඔවුන් සඳහන් කරන්නෑඅ..

එමෙන්ම දේශපාලන විචාරකයන් මෙහිදී මතු කරන වැදගත්ම කාරණය වන්නේ දැනට දෙකඩ වි ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයන් දැනට බලයේ සිටිනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයා වටා එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමට කටයුතු නොකරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන්ම තම බලය ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයන්ට වඩා බලපෑමක් කිරීමට ඉඩ ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top